Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 44:29 - Sinhala New Revised Version 2018

29 ඉශ්රායෙලයේ කවරෙකුට වුව ද නුඹලා උරුමයක් නොවන්නහු ය. ඔවුන්ගේ උරුමය මම වෙමි. ඔවුන්ට ආහාර පූජාව ද පාප පූජාව ද අපරාධ පූජාව ද කන්න අවසර ඇත. ඉශ්රායෙල්වරුන් අතරෙහි කැප වූ සියල්ල ම ඔවුන්ට වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 ඉශ්රායෙලයේ කවරෙකුට වුව ද නුඹලා උරුමයක් නොවන්නහු ය. ඔවුන්ගේ උරුමය මම වෙමි. ඔවුන්ට ආහාර පූජාව ද පාප පූජාව ද අපරාධ පූජාව ද කන්න අවසර ඇත. ඉශ්රායෙල්වරුන් අතරෙහි කැප වූ සියල්ල ම ඔවුන්ට වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 ඔවුන්ට ආහාර පූජාවද පාප පූජාවද අපරාධ පූජාවද කන්ට පුළුවන; ඉශ්‍රායෙල් අතරෙහි කැපවූ සියල්ලම ඔවුන්ට වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 44:29
14 හුවමාරු යොමු  

“ඉශ්රායෙල් ජනයා අතර කැප වූ සෑම දෙයක් ම නුඹට අයිති වේ.


එවිට ඊළඟ ජුබිලි වර්ෂයේ දී එය සමිඳාණන් වහන්සේට කැප කළ ඉඩමක් ලෙස ශුද්ධ භූමියක් වනු ඇත. එය පූජකවරයාට හිමි වේ.


“යමෙකු සම්පූර්ණ වශයෙන් සමිඳාණන් වහන්සේට මිනිසෙකු හෝ සතෙකු හෝ තමාට අයිති ඉඩමක් හෝ කැප කළොත්, එය විකිණිය නොහැක, ඒවා ආපසු නිදහස් කොට ගත නොහැක. එවැන්නෙක් හෝ එවැන්නක් හෝ සමිඳාණන් වහන්සේට සහමුලින් ම ශුද්ධ වස්තුවකි.


පූජකවරුන් අතර සිටින සෑම පිරිමියෙකුට ම ඉන් වැළඳිය හැකි ය. එය වැළඳිය යුත්තේ ද ශුද්ධස්ථානයක ය. එය අතිශුද්ධ දෙයකි.


පූජකවරුන් අතර සිටින සියලු පිරිමින්ට එයින් වැළඳිය හැකි ය. එය අතිශුද්ධ ය.


පාප සඳහා එය පුදන පූජකවරයා එය වැළඳිය යුතු ය. තවද, ඔහු එය වැළඳිය යුත්තේ, සම්මුඛ මණ්ඩප මළුවේ ශුද්ධස්ථානයක ය.


අපට පූජාසනයක් ඇත. පූජා මණ්ඩපයෙහි සේවය කරන්නන්ට එයින් වළඳන්ට අවසර නැත.


ධාන්‍ය පූජාවෙන් ඉතිරි කොටස ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට අයිති ය. එය සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පිදූ පූජාවලින් අතිශුද්ධ කොටස වේ.


ධාන්‍ය පූජාවේ ඉතිරි කොටස ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට අයිති වේ. එය සමිඳාණන් වහන්සේට පිදූ දවන පූජාවලින් අතිශුද්ධ කොටස වනු ඇත.


මෝසෙස් ලෙවී ගෝත්‍රයට පමණක් කිසි උරුමයක් නුදුන්නේ ය. ඔහු ඔවුන්ට කී පරිදි, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ගින්නෙන් ඔප්පු කරන පූජා ඔවුන්ගේ උරුමය විය.


ඔහු ද කතා කරමින්, “මේක පූජකයන් අපරාධ පූජාව සහ පාප පූජාව තම්බන්නටත්, ආහාර පූජාව බදින්නටත් වෙන් කර ඇති ස්ථානය වේ. එසේ කරන්නේ, සෙනඟ ශුද්ධ කරන පිණිස ඒවා පිට මළුවට නොගෙන යන පිණිස ය”යි මට කීවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්