Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 44:17 - Sinhala New Revised Version 2018

17 ඔවුන් ඇතුළු මළුවේ දොරටුවලට ඇතුළු වන කල හණ වස්ත්‍ර ඇඳ සිටිය යුතු ය. ඇතුළු මළුවේ දොරටුවලට ඇතුළතින් ද මාලිගාවෙහි ද සේවය කරන අතර ඔව්හු ලෝම රෙදි නෑඳ සිටිත් වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 ඔවුන් ඇතුළු මළුවේ දොරටුවලට ඇතුළු වන කල හණ වස්ත්‍ර ඇඳ සිටිය යුතු ය. ඇතුළු මළුවේ දොරටුවලට ඇතුළතින් ද මාලිගාවෙහි ද සේවය කරන අතර ඔව්හු ලෝම රෙදි නෑඳ සිටිත් වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 ඔවුන් ඇතුල් මළුවේ දොරටුවලට ඇතුල්වෙන කල හණ වස්ත්‍ර ඇඳ සිටිය යුතුය; ඇතුල් මළුවේ දොරටුවලට ඇතුළතින්ද ගෘහයෙහිද සේවයකරන අතර ඔව්හු ලෝම රෙදි නෑඳ සිටිත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 44:17
8 හුවමාරු යොමු  

බැබළෙන, පිවිතුරු, සිනිඳු වස්ත්‍රයෙන් සැරසෙන්නට ඈට අවසර දී ඇත.” සිනිඳු වස්ත්‍රවලින් සැදැහැවතුන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා හඟවනු ලැබේ.


ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් මරණයට හේතු වන අපරාධයකට පත් නොවන පිණිස, සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට හෝ ශුද්ධස්ථානයේ පූජාසනයට පූජක සේවා කිරීමට ළඟා වන විට හෝ ඒවා ඇඳගෙන සිටිය යුතු ය. මෙය ඔහුටත්, ඔහුගෙන් පසු ඔහුගේ පෙළපතටත් සදහට ම වලංගු නියෝගයකි.”


මේ සිංහාසනය වටේ තව සිංහාසන විසිසතරක් විය. ඒ සිංහාසනවල කුලදෙටුවන් විසිසතරදෙනෙකු ධවල වස්ත්‍ර හැඳ, සිය හිස් මත රන් ඔටුනු දරාගෙන වාඩි වී සිටිනු මම දිටිමි.


“ඔහු පූජක හණ කබාය හැඳ, හණ කලිසම් ලාගෙන, හණ පටිය ඉණ වටා බැඳ, හණ මකුටයෙන් සැරසී සිටිය යුතු ය. මේවා ශුද්ධ වස්ත්‍ර වන බැවින්, ඒවා ලාගත යුත්තේ ජලස්නානය කළ පසුව ය.


ඔවුන්ගේ නග්නභාවය වසන පිණිස හණ නූලින් ඉඟ සිට කලවය දක්වා කලිසම් සෑදිය යුතු යි.


ඔහු ශුද්ධස්ථානයේ සේවය කරන්න ශුද්ධස්ථානයේ ඇතුළු මළුවට පිවිසෙන දවසේ ඔහු තමාගේ පාප පූජාව ඔප්පු කළ යුතු ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්