Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 43:2 - Sinhala New Revised Version 2018

2 එවිට ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ තේජාලංකාරය නැගෙනහිර දිශාවෙන් පැමිණෙනු දිටිමි. උන් වහන්සේගේ ශබ්දය බොහෝ ජල ඝෝෂාවක ශබ්දය මෙන් විය. පොළොව ද උන් වහන්සේගේ තේජාලංකාරයෙන් බැබළුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 එවිට ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ තේජාලංකාරය නැගෙනහිර දිශාවෙන් පැමිණෙනු දිටිමි. උන් වහන්සේගේ ශබ්දය බොහෝ ජල ඝෝෂාවක ශබ්දය මෙන් විය. පොළොව ද උන් වහන්සේගේ තේජාලංකාරයෙන් බැබළුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 එවිට ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජස නැගෙනහිර දිශාවෙන් එනවා දුටුමි. උන්වහන්සේගේ ශබ්දය බොහෝ ජල ඝෝෂාවක ශබ්දය මෙන් විය. පොළොවද උන්වහන්සේගේ තේජසින් බැබළුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 43:2
24 හුවමාරු යොමු  

ඉන්පසු තවත් දේව දූතයෙකු මහා බලයෙන් යුක්ත ව ස්වර්ගයෙන් බැස එනු දිටිමි; ඔහුගේ තේජශ්‍රීයෙන් පොළොව ඒකාලෝක විය.


සමිඳාණන් වහන්සේගේ තේජස ඉහළට නැඟී නගරයෙන් පිට වී ගොස් නැගෙනහිරින් තිබෙන කන්ද උඩ පිහිටියේ ය.


එක් කෙනෙක් අනිකෙකුට හඬගසමින් මෙසේ කී ය: “සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය. සව් බලැති සමිඳාණන් වහන්සේ සුවිශුද්ධ ය. උන් වහන්සේගේ තේජසින් මුළු ලොව පිරී ගියේ ය.”


එවිට සමිඳාණන් වහන්සේගේ තේජස කෙරුබ්වරුන් කෙරෙන් නැඟී එළිපත්ත මතුයෙහි නැවතුණේ ය. මාලිගාව වලාකුළෙන් පිරුණේ ය. මළුව ද සමිඳාණන් වහන්සේගේ තේජසේ දීප්තියෙන් පිරුණේ ය.


හාත්පසින් තිබුණු දීප්තියේ පෙනීම වර්ෂා දවසක වලාකුළේ තිබෙන දේදුන්නක පෙනීම මෙන් විය. මේ වනාහි සමිඳාණන් වහන්සේගේ තේජාන්විත ස්වරූපයේ පෙනීම ය. එය දුටු කල මම මුණින්තළා වී වැටුණෙමි. එවිට කතා කරන කෙනෙකුගේ හඬ මට ඇසිණි.


පාද උදුනක ගිනියම් කළ දිළිසෙන ලෝකඩ වැනි ය; උන් වහන්සේගේ කටහඬ සමුද්‍ර ඝෝෂයක් හා සමාන ය;


මම ද නැඟිට සමභූමියට ගියෙමි. එවිට, කෙබාර් ගඟ ළඟ දී මා දුටු තේජස මෙන් සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරය එහි තිබෙනු දිටිමි. මම මුණින්තළා වී වැටුණෙමි.


ඔවුන් යන විට, ඔවුන්ගේ පියාපත්වල ශබ්දය බොහෝ ජල ධාරාවන්ගේ ශබ්දය මෙන් ද සර්ව පරාක්‍රමයාණන්ගේ හඬ මෙන් ද මට ඇසිණි. එයින් නැඟුණු ඝෝෂාව යුද කඳවුරක ඝෝෂාව මෙන් විය. ඔවුන් නැවතී සිටි විට, ඔව්හු සිය පියාපත් පහත් කරගත්තෝ ය.


දේව තේජසින් නුවර ආලෝක වූ බැවින් ද, බැටළු පෝතකයාණන් එහි පහන වන බැවින් ද එහි සූර්යයාගේ හෝ චන්ද්‍රයාගේ හෝ බැබළීමක් අවශ්‍ය නැත.


ගලා බසින මහා ජල ඝෝෂාවක් මෙන් ද, තද හෙණ හඬක් මෙන් ද වූ, අහසින් නික්මුණු ශබ්දයක් මට ඇසුණේ ය. මට ඇසුණ ශබ්දය වීණා වාදකයන්ගේ වාදනය මෙන් විය.


එවිට විශාල ජන සමූහයකගේ ඝෝෂාව මෙන් ද, සමුද්‍ර ඝෝෂාවක් මෙන් ද, බලවත් හෙන හඬක් මෙන් ද ශබ්දයක් මට ඇසිණි. ඒ හඬ මෙසේ කී ය: “අලේලූයා! අපගේ සර්ව පරාක්‍රම දෙවි ස්වාමීන් වහන්සේ රජකම් කිරීමට පටන්ගෙන ඇත.


ඉන්පසු ස්වර්ගයේ විශාල පිරිසකගේ මහා හඬක් මට ඇසිණි. ඔව්හු මෙසේ කී හ: “අලේලූයා! විමුක්තිය ද මහිමය ද බලය ද අපගේ දෙවියන් වහන්සේට හිමි ය.


යෙසායා මෙසේ කීවේ, ඔහු උන් වහන්සේගේ තේජශ්‍රීය දැක උන් වහන්සේ ගැන කතා කළ නිසා ය.


සමිඳාණන් වහන්සේ තේමාන් සිට ද ශුද්ධ දෙවියන් වහන්සේ පාරාන් කන්දේ සිට ද වඩින සේක. උන් වහන්සේගේ තේජාලංකාරයෙන් ස්වර්ගය ප්‍රභාවත් වෙයි. පොළොව ද උන් වහන්සේගේ ප්‍රශංසාවෙන් පිරී ඇත.


මුහුද ජලයෙන් පිරී තිබෙන්නාක් මෙන් සමිඳාණන් වහන්සේගේ තේජස පිළිබඳ දැනගැන්මෙන් පොළොව පිරී යන්නේ ය.


එවිට ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේගේ තේජෝ මහිමය එය නැවතී තිබුණු ස්ථානය වන කෙරුබ්වරුන් කෙරෙන් නැඟී දේව මාලිගාවේ එළිපත්ත ළඟට ගොස් ලිපි උපකරණ මල්ල ඇති ව, හණ වස්ත්‍රයක් හැඳගත් මිනිසාට මොරගැසී ය.


ඒ නගරයේ දීප්තිය ඉතා අනර්ඝ මාණික්‍යයක් මෙන් එනම්, පළිඟු මෙන් විනිවිද පෙනෙන සූර්යකාන්ත ගලක් මෙන් විය.


අන්න, බොහෝ ජන සමූහයන්ගේ ඝෝෂාවක්! මුහුදු ඝෝෂාවක් මෙන් ද මහා රළ පතර ගර්ජනාවක් මෙන් ද ඔව්හු ගිගුරුම් දෙති.


එකල කෙරුබ්වරු තමන්ගේ පියාපත් එසෙවුවෝ ය. රෝදත් ඔවුන් එක් ව ම තිබුණේ ය. ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ තේජස ඔවුන්ට ඉහළින් තිබුණේ ය.


සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරය නැගෙනහිර දෙසට තිබුණු දොරටුවේ මාර්ගයෙන් ගෘහයට ඇතුළු විය.


සමිඳාණන් වහන්සේ මට කතා කොට, “මේ දොරටුව නෑර වසා තිබිය යුතු ය. කිසිවෙක් එයින් ඇතුළු නොවන්නේ ය. මන්ද, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ එයින් ඇතුළු වූ සේක. එබැවින් එය වසා තිබිය යුතු ය.


අරුණෝදය මෙන් උන් වහන්සේ වඩින සේක. රශ්මි දහරා උන් වහන්සේගේ අතින් විහිදෙයි. එහි උන් වහන්සේගේ බලය සැඟවී ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්