Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 43:19 - Sinhala New Revised Version 2018

19 එදින මට සේවය කරන්න මා ළඟට පැමිණෙන ශාදොක්ගේ වංශයේ ලෙවීවරුන් වන පූජකයන්ට පූජාසනය මත දවන පාප පූජාවක් පිණිස ගොන් වස්සෙකු දෙන්නැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 එදින මට සේවය කරන්න මා ළඟට පැමිණෙන ශාදොක්ගේ වංශයේ ලෙවීවරුන් වන පූජකයන්ට පූජාසනය මත දවන පාප පූජාවක් පිණිස ගොන් වස්සෙකු දෙන්නැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 මට සේවයකරන්ට මා ළඟට පැමිණෙන්නාවූ, ශාදොක්ගේ වංශයේ ලෙවීවරුවූ පූජකයන්ට පාප පූජාවක් පිණිස තරුණ ගොනෙක් දෙන්නැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 43:19
22 හුවමාරු යොමු  

“එහෙත් ඉශ්රායෙල්වරුන් මා වෙතින් මුලා වී ගිය විට, මාගේ ශුද්ධස්ථානයේ සේවය පැවැත්වූ ලෙවීවරුන් වූ පූජකයන් වන ශාදොක්ගේ පුත්‍රයන්ට නම්, මට සේවය කිරීමටත්, මා ළඟට පැමිණෙන්නත්, තෙල සහ ලේ මට ඔප්පු කිරීමට මා ඉදිරියෙහි සිටින්නත් අවසර ඇත. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.


ඉස්සරහ පැත්ත උතුරු දෙසට තිබෙන, කාමරය පූජාසනයේ සේවය පවත්වන පූජකයන්ටත් ය. ඔව්හු වනාහි සමිඳාණන් වහන්සේට සේවය කරන්න උන් වහන්සේ ළඟට යන්ටත් ය. ඔව්හු වනාහි සමිඳාණන් වහන්සේට සේවය කරන්න උන් වහන්සේ ළඟට පැමිණෙන ලෙවීගේ පුත්‍රයන්ගෙන් වූ ශාදොක්ගේ පුත්‍රයෝ ය”යි මට කී ය.


එසේ කෙළේ ආරොන්ගේ වංශයට අයිති නැති අන් කෙනෙකු සමිඳාණන් වහන්සේ ඉදිරියට සුවඳ දුම් පිදීම සඳහා ළඟා නොවිය යුතු බව සිහිගැන්වීමේ සිද්ධිය ඉශ්රායෙල් ජනයාට අනුස්මරණයක් වීම සඳහා ය. යමෙකු එසේ කළොත්, කෝරාට සහ ඔහුගේ පිරිසට වූ දේ ඔහුටත් වනු ඇත. මේ සියල්ල සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් එලෙයාසර්ට වදාළ පරිදි ඉටු විය.


අන් උත්තම පූජකයන් මෙන්, පළමු කොට තමන්ගේ ම පව් උදෙසාත්, දෙවනු ව ජනතාවගේ පව් උදෙසාත් දිනපතා පූජා ඔප්පු කිරීමට උන් වහන්සේට වුවමනාවක් නැත. මන්ද, උන් වහන්සේ තමන් ම එක ම වරක් පූජා වීමෙන් ඒ වුවමනාව ඉටු කළ සේක.


ඉන්පසු රජ තෙම ඔහු වෙනුවට සේනාවේ අධිපති කොට ජෙහෝයාදාගේ පුත් බෙනායා ද අබියාතර් වෙනුවට පූජක ශාදොක් ද පත් කෙළේ ය.


ඔහු කෝරා ඇතුළු ඔහුගේ මුළු පිරිසට කතා කරමින්, “හෙට උදෑසන අප අතරෙන් සමිඳාණන් වහන්සේට කැප වූ අය උන් වහන්සේ පෙන්වන සේක. උන් වහන්සේට කැප වූ, උන් වහන්සේ තෝරාගත් තැනැත්තාට උන් වහන්සේ සමීපයට එන්නට ද සලසන සේක.


එහෙයින්, අන්ධකාරයෙන් ස්වකීය විස්මපත් ආලෝකයට ඔබ කැඳවාගත් තැනැන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියා දන්වනු පිණිස ඔබ වනාහි තෝරාගත් වංශයක් ද රාජකීය පූජක පෙළක් ද ශුද්ධ ජාතියක් ද දෙවියන් වහන්සේ සතු සෙනඟක් ද වන්නහු ය.


ආත්මික ගෘහයක් ගොඩනඟන ලෙස ඔබ ජීවමාන ගල් මෙන් උන් වහන්සේ වෙත පැමිණ, එහි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින්, දෙවියන් වහන්සේට ප්‍රසන්න ආත්මික පූජා පුද කරන පිණිස ශුද්ධ පූජක පිරිසක් වන්න.


දෙවියන් වහන්සේ, පාපය නොදත් ක්‍රිස්තුන් වහන්සේ, අප උදෙසා මනුෂ්‍ය පාපී බව හා සම වීමට සැලැසූ සේක. එසේ කළේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට අප පංගුකාර වනු පිණිස ය.


එය ඉශ්රායෙල් පුත්‍රයන් පව්කර මුළා ව ගිය කල, ලෙවීවරුන් මුළා ව ගියාක් මෙන් මුළා ව නොගොස් මාගේ සේවය පැවැත්වූ, ශාදොක්ගේ පුත්‍රයන් වූ, කැප කරනු ලැබූ, පූජකයන්ට වන්නේ ය.


“මා විසින් සාදනු ලබන අලුත් අහසත්, අලුත් පොළොවත් මා ඉදිරියෙහි පවතින්නාක් මෙන් නුඹලාගේ වංශය සහ නුඹලාගේ නාමය පවතින්නේ ය.


එහෙත් නුඹලා, ‘සමිඳුන්ගේ පූජකයෝ ය’යි කියනු ලබන්නහු ය. මිනිසුන් නුඹලාට, ‘අපේ දේව සේවකයෝ ය’යි කියනු ඇත. නුඹලා ජාතීන්ගේ සම්පත් භුක්ති විඳ, ඔවුන්ගේ වස්තු හිමි කරගනු ඇත.


මෙසේ කියා ෂිලෝහි දී ඒලීගේ වංශය ගැන සමිඳාණන් වහන්සේ වදාළ වචනය සම්පූර්ණ වන ලෙස, සලමොන් උන් වහන්සේගේ පූජක ධුරයෙන් අබියාතර් පහකෙළේ ය.


නුඹලා ශුද්ධස්ථානය හා පූජාසනය පිළිබඳ වගකීම භාරගත යුතු ය. එවිට ඉශ්රායෙල් ජනයාට විරුද්ධ ව මින්මතු මම රොස් නොවන්නෙමි.


නුඹ එය පවිත්‍ර කර අවසාන වූ විට කැළලක් නැති වස්සෙකු ද රැළෙන් කැළලක් නැති බැටළුවෙකු ද ගෙන්වා


එය දේශයෙන් ශුද්ධ කොටසක් ය. එය සමිඳාණන් වහන්සේට සේවය කරන්න පැමිණෙන ශුද්ධස්ථානයේ සේවකයන් වන පූජකයන්ට අයිති වන්නේ ය. එය ඔවුන්ගේ නිවෙස්වලට ඉඩමක් ද ශුද්ධස්ථානයට ශුද්ධ තැනක් ද වන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්