Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 40:35 - Sinhala New Revised Version 2018

35 ඔහු උතුරු දොරටුවට මා පමුණුවා එය මැන්නේ ය. එය ද පෙර දොරටුවල ප්‍රමාණයට තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 ඔහු උතුරු දොරටුවට මා පමුණුවා එය මැන්නේ ය. එය ද පෙර දොරටුවල ප්‍රමාණයට තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

35 ඔහු උතුරු දොරටුවට මා පමුණුවා, ඒ මිමිවල ප්‍රකාරයට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 40:35
5 හුවමාරු යොමු  

එකල ඔහු මා උතුරු ද්වාර මණ්ඩපයෙන් පිටතට ගෙනගොස්, නැගෙනහිරට මුහුණ පා තිබුණු පිටත දොරටුව ළඟට වටකරින් මා පැමිණෙව්වේ ය. එවිට වතුර දකුණු පැත්තෙන් වැගිරෙනු දිටිමි.


එවිට ඔහු උතුරු දොරටුවේ මාර්ගයෙන් මාලිගාවේ ඉස්සරහ පැත්තට මා පැමිණෙව්වේ ය. මා බැලූ විට සමිඳාණන් වහන්සේගේ මාලිගාව සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරයෙන් පිරී තිබෙන බව දැක මම මුණින්තළා වී වැටුණෙමි.


එවිට නැගෙනහිර මාර්ගයෙන් ඔහු ඇතුළු මළුවට මා පමුණුවා දොරටුව මැන්නේ ය. එය ද පෙර දොරටුවල ප්‍රමාණයට තිබිණි.


ඇතුළු මළුවටත් දකුණු දෙසට දොරටුවක් තිබිණි. ඔහු දකුණු දෙසට දොරටුවෙන් දොරටුවට මැන්නේ ය. එය මීටර් පණහකි.


ඔහු දකුණු දොරටුවෙන් ඇතුළු මළුවට මා පැමිණවී ය. ඔහු දකුණු දොරටුව මැන්නේ ය. දකුණු දොරටුව පෙර දොරටුව ප්‍රමාණයට තිබිණි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්