Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 38:2 - Sinhala New Revised Version 2018

2 “මනුෂ්‍ය පුත්‍රය, රොෂ්හි ද මෙෂෙක්හි ද තුබල්හි ද අධිපතියා වන මාගොග් දේශයේ ගොග් රජුට විරුද්ධ ව නුඹේ මුහුණ යොමු කර, ඔහුට විරුද්ධ ව දිවැස් වැකි කියමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 “මනුෂ්‍ය පුත්‍රය, රොෂ්හි ද මෙෂෙක්හි ද තුබල්හි ද අධිපතියා වන මාගොග් දේශයේ ගොග් රජුට විරුද්ධ ව නුඹේ මුහුණ යොමු කර, ඔහුට විරුද්ධ ව දිවැස් වැකි කියමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 මනුෂ්‍ය පුත්‍රය, රොෂ්හිද මෙෂෙක්හිද තූබල්හිද අධිපතියා වන මාගොග් දේශයේ ගොග්ට විරුද්ධව නුඹේ මුහුණ හරවාගන, ඔහුට විරුද්ධව අනාගතවාක්‍ය කියමින්:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 38:2
18 හුවමාරු යොමු  

ජපෙත්ගේ පුත්‍රයෝ නම්: ගොමෙර්, මාගොග්, මාදයි, ජාවාන්, තුබල්, මෙෂෙක් සහ තීරස් ය.


ජපෙත්ගේ පුත්‍රයෝ නම්: ගොමෙර්, මාගොග්, මාදයි, ජාවාන්, තුබල්, මෙෂෙක් සහ තීරස් ය.


මෙෂෙක්හි විදේශී ව සිටීම ද කේදාර්හි කූඩාරම් මැද වාසය කිරීම ද මට දුකක් ය.


මම ඔවුන් අතරේ සලකුණක් තබන්නෙමි. ඔවුන් අතරෙන් ගැළවී සිටින අය, මාගේ කීර්තිය ගැන නොඇසූ, මාගේ තේජස නොදුටු දුර බැහැර ද්වීපයන් වන තර්ෂිෂ්හි ද පුල්හි ද දුනුවායන් සිටින ලුද්හි ද තුබල්හි ද ජාවාන්හි ද සිටින ජාතීන් වෙත යවන්නෙමි. ඔවුන් ජාතීන් අතරෙහි මාගේ තේජස ප්‍රකාශ කරනු ඇත.


උන් වහන්සේ මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, නැඟිට සිටින්න; මම නුඹ සමඟ කතා කරන්නෙමි”යි වදාළ සේක.


දකුණු දිශාවේ වනයට මෙසේ කියන්න:


“මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ අම්මොන්වරුන් දෙසට හරවාගෙන, ඔවුන්ට විරුද්ධ ව දිවැස් වැකි කියමින් මෙසේ කියන්න:


ජාවාන් ද තුබල් ද මෙෂෙක් ද නුඹේ වෙළෙඳුන් ව සිට නුඹ සමඟ වහලුන් ද ලෝකඩ භාණ්ඩ ද වෙළෙඳ බඩු මෙන් හුවමාරු කරගත්හ.


“එහි මෙෂෙක් ද තුබල් ද ඇගේ මුළු හමුදාව සමඟ සිටිති. ඔවුන්ගේ මිනී වළවල් ඈ වටකර ඇත්තේ ය. ඔව්හු සියල්ලෝ ම අචර්මඡේදිත වූ, කඩු පහරින් මැරුම්කෑ අය වෙති. එහෙත් වරක් ඔව්හු ජීවත් ව සිටින්නන් භීතියට පත් කළහ.


සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:


“එබැවින් මනුෂ්‍ය පුත්‍රය, නුඹ දිවැස් වැකි පවසමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ගොග් රජුට කියන්න. ‘මාගේ සෙනඟ වන ඉශ්රායෙල් සෙනඟ සුරැකි ව වාසය කරන කාලයේ දී නුඹ ඉදිරියට යන්නෙහි ය.


එම්බා රොෂ්හි ද මෙෂෙක්හි ද තුබල්හි ද අධිපතියා වන ගොග්, මම නුඹට විරුද්ධ වෙමි.


මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාළ සේක: “තවද, මනුෂ්‍ය පුත්‍රය, නුඹ ගොග් රජුට විරුද්ධ ව දිවැස් වැකි පවසමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න. ‘බලන්න, රොෂ්හි ද මෙෂෙක්හි ද තුබල්හි ද අධිපතියා වන ගොග් රජු වන නුඹට මම විරුද්ධ ව සිටිමි.


“තවද, ඒ කාලයේ දී මම මිනී වැළලීමට ඉශ්රායෙල් දේශයෙන් ඉඩමක් ගොග්ට දෙන්නෙමි. එය මුහුදට නැගෙනහිරෙන් තිබෙන සංචාරකයන්ගේ මිටියාවත ය. එය එහි ගමන් කරන්නන් වළක්වනු ඇත. එහි ගොග් සහ ඔහුගේ මුළු සමූහය වළලනු ලැබ, ඊට ගොග්සමූහ-මිටියාවත යන අරුත ඇති හාමොන්ගොග් යයි නම් තබනු ලැබේ.


මම මාගොග් පිටත්, මුහුදුබඩ සුරැකි ව වාසය කරන්නන් පිටත් ගින්නක් යවන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.


“මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ ඉශ්රායෙල්හි කඳු දෙසට හරවාගෙන ඒවාට විරුද්ධ ව මේ දිවැස් වැකිය කියන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්