Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 38:13 - Sinhala New Revised Version 2018

13 ෂෙබාවරු සහ දෙදාන්වරු ද තර්ෂිෂ්හි වෙළෙන්දෝ ද එහි අධිපතියෝ ද නුඹට කතා කොට, ‘නුඹ කොල්ලකන්න පැමිණියෙහි ද? නුඹේ සේනාව නුඹ රැස් කරගන්නේ සම්පත් උදුරා ගනිමින්, රන් රිදී රැගෙන, සිව්පාවුන් ද සම්පත් ද අල්ලා, බොහෝ කොල්ල ලබා යන පිණිස දැ’යි අසන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ෂෙබාවරු සහ දෙදාන්වරු ද තර්ෂිෂ්හි වෙළෙන්දෝ ද එහි අධිපතියෝ ද නුඹට කතා කොට, ‘නුඹ කොල්ලකන්න පැමිණියෙහි ද? නුඹේ සේනාව නුඹ රැස් කරගන්නේ සම්පත් උදුරා ගනිමින්, රන් රිදී රැගෙන, සිව්පාවුන් ද සම්පත් ද අල්ලා, බොහෝ කොල්ල ලබා යන පිණිස දැ’යි අසන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 ෂෙබාවරු සහ දෙදාන්වරුද තර්ෂිෂ්හි වෙළෙන්දෝද එහි සියලු තරුණ සිංහයෝද නුඹට කථාකොට: නුඹ කොල්ලකන්ට ආයෙහිද? නුඹේ සේනාව නුඹ රැස්කරගත්තේ සම්පත් උදුරාගනිමින්, රන් රිදී රැගෙන, සිව්පාවුන්ද සම්පත්ද අල්ලා, බොහෝ කොල්ල ලබාගන යන පිණිසදැයි අසන්නාහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 38:13
17 හුවමාරු යොමු  

දෙදාන්හි මනුෂ්‍යයෝ නුඹේ වෙළෙන්දන් ව සිටියෝ ය. බොහෝ මුහුදුබඩ වැසියෝ නුඹ යටතේ වෙළෙඳාම් කළෝ ය. ඔව්හු ඇත් දළ සහ කළුවර ලී බඩු හුවමාරුවට නුඹ කරා ගෙනාවෝ ය.


“මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජු වන පාරාවෝ ගැන විලාපයක් නඟමින් ඔහුට මෙසේ කියන්න: නුඹ ජාතීන් අතරෙහි තරුණ සිංහයෙකුට සමාන කරනු ලැබුවෙහි ය. නුඹ ජලයෙහි සිටින කිඹුලෙකු වැනි ය. නුඹේ ගංගාවල නුඹ පැන පැන ගොස්, නුඹේ පාදවලින් වතුර කළඹා ගංගා කිළුටු කෙළෙහි ය.


නුඹේ වෙළෙඳ බඩු ගෙන ගියේ තර්ෂිෂ්හි නැව්වලින් ය. මුහුද මැද නුඹ බඩුබාහිරාදියෙන් පිරී සිටියෙහි ය.


දෙදාන් නුඹ සමඟ වටිනා සෑදල පිළී හුවමාරු කළහ.


සියලු සම්පත්වල අධිකකම නිසා තර්ෂිෂ් නුඹ සමඟ වෙළෙඳාම් කළහ. ඔව්හු රිදී ද යකඩ ද ඊයම් ද බෙලෙක් ද ගනුදෙනු කළහ.


දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මම ඒදොම්ට විරුද්ධ ව මාගේ අත දිගු කොට, ඒ රටේ මනුෂ්‍යයන් ද මෘගයන් ද වනසාදමා, තේමාන් පටන් දෙදාන් දක්වා එය පාළුකරයක් කරන්නෙමි; ඔවුන් කඩුවෙන් මැරුම් කනු ඇත.


බබිලෝනි ජනයා එක් ව සිංහයන් මෙන් නාද කරනු ඇත; සිංහ පැටියන් මෙන් ගොරවනු ඇත,


මාගේ උදහස ඇවිස්සූ ජාතියට පහර දෙන පිණිස ඒ ජාතිය කොල්ලකන්නත්, එහි සම්පත් උදුරාගන්නත්, වීථිවල මඩ මෙන් පාගන්නත් මම අසිරියාව එවමි.


සවන් දෙන්න, පාලකයන්ගේ තේජස පහවී ගොස් ඇති බැවින්, ඔව්හු දුක් බරින් කෑමොරගසති. ජොර්දාන්හි වනය පාළු වී ඇති බැවින් තරුණ සිංහයන්ගේ ගෙරවීමේ හඬ අසන්න.”


“ඉශ්රායෙල් වනාහි සිංහයන් විසින් ලුහුබඳිනු ලැබ පන්නාදමනු ලැබූ බැටළුවන් වැනි ය. පළමුකොට අසිරියාවේ රජ ඉශ්රායෙල් ගොදුරට ගත්තේ ය. අවසානයේ දී බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් ඉශ්රායෙල්ගේ ඇටකටු පොඩිකරදැම්මේ ය.


සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “දේශයේ හැම තැන ම ඔවුන් කර ඇති ඔවුන්ගේ පව් නිසා, මාගේ සෙනඟගේ සම්පත හා වස්තුව කොල්ලයක් මෙන් පැහැරගෙන යන්නට මම සලස්වන්නෙමි.


මිනිසුන් කන සිංහයන් වැනි රුපුන් මැද මම වැතිර සිටින්නෙමි. උන්ගේ දත් හෙල්ල හා ඊගස් වැන්න; උන්ගේ දිව් මුවහත් අසිපත් වැන්න.


රුවල් විදහන්න බැරි ය; කුඹගහ කෙළින් තබන්න බැරි ය. සතුරු සේනාවේ සකල වස්තුව අප විසින් පැහැරගෙන යනු ලබන්නේ ය. කොරුන්ට පවා ගන්න පුළුවන් තරමට විශාල කොල්ලයක් ඇති වන්නේ ය. සමිඳාණෝ ම අප පාලනය කරන රජාණන් වන සේක; අප විනිශ්චයකරුවාණන් වන සේක; එතුමාණෝ අප පාලනයකර අප ආරක්ෂා කරන සේක.


නුඹලාගේ දූ දරුවන් මම ජුදා වැසියන් අතට විකුණන්නෙමි. ජුදා වැසියන් ඔවුන් දුරබැහැර සේබියන්වරුන්ට විකුණනු ඇත. සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්