Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 37:3 - Sinhala New Revised Version 2018

3 උන් වහන්සේ මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, මේ ඇටකටුවලට ජීවත් විය හැකි දැ”යි මාගෙන් ඇසූ සේක. මම ද “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, එය දන්නේ ඔබ ය”යි උත්තර දිනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 උන් වහන්සේ මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, මේ ඇටකටුවලට ජීවත් විය හැකි දැ”යි මාගෙන් ඇසූ සේක. මම ද “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, එය දන්නේ ඔබ ය”යි උත්තර දිනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 එවිට උන්වහන්සේ: මනුෂ්‍ය පුත්‍රය, මේ ඇට ජීවත්වේදැයි මාගෙන් ඇසූසේක. මමද: ස්වාමිවූ දෙවියන්වහන්ස, එය දන්නේ ඔබයයි උත්තරදුනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 37:3
14 හුවමාරු යොමු  

පියාණන් වහන්සේ මළවුන් උත්ථාන කොට ජීවත් කරවන්නාක් මෙන්, පුත්‍රයාණෝ ද තමන්ට අභිමත වූවන් ජීවත් කරවන සේක.


බලන්න, මම, මම පමණක්, දෙවියන් වහන්සේ වෙමි. මා හැර අන් දෙවි කෙනෙක් නැත. දිවි දෙන්නෙත්, දිවි නසන්නෙත් මම ය. තුවාළ කරන්නෙත්, සුව කරන්නෙත් මම ය, මා අතින් යමෙකු ගළවන්නට හැකි කිසිවෙක් නැත.


“මම ඔබ බොහෝ ජාතීන්ගේ පියා කොට පත් කෙළෙමි”යි ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත්තේ මේ නිසා ය. ඒ පොරොන්දුව ආබ්‍රහම් ලැබුවේ තමා අදහන, මළවුන් හට ජීවිතය දෙන, නැති දේ ඇති කරන, දෙවියන් වහන්සේගෙන් ය.


මළවුන් උත්ථාන කිරීමට වුව ද දෙවියන් වහන්සේට හැකි බව ඔහු සිතට ගත්තේ ය. උපමානුසාරයෙන් කියතොත්, ඔහු ඊසාක් මරණයෙන් නැවත ලබාගත්තේ ය.


දෙවියන් වහන්සේ මළවුන් උත්ථාන කරන බව විශ්වාස කළ නොහැකි යයි ඔබ අතරෙන් කිසිවෙකු සිතන්නේ මන් ද?


මරණය සමිඳුන්ගෙන් ය, ජීවිතය ද සමිඳුන්ගෙන් ය; පාතාලයට ගෙන යන්නේත්, එයින් ගෙන එන්නේත් සමිඳාණෝ ය.


ඔවුන්ට නැණනුවණ තිබිණි නම්, ඔව්හු නැණවත් වූවෝ නම්, අනාගතය ගැන මෙනෙහි කළෝ නම්, කෙතරම් හොඳ ද?


එහෙත් මළවුන් උත්ථාන වන්නේ කෙසේ ද? ඔව්හු කුමන ආකාර ශරීරයක් ඇති ව එත් දැ යි කෙනෙකු අසන්නට පුළුවන.


මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. “වැසියන් නැති නගර මෙන් මා නුඹ පාළු නුවරක් කර, මහ ජලස්කන්ධයකින් නුඹ වැසී යන ලෙස සයුර නුඹ පිට පමුණුවන්නෙමි.


උන් වහන්සේ මට ඒවා අතරේ ඔබමොබ යන්න සැලැසූ සේක. එවිට මිටියාවතේ ඇටකටු බහුල ව තිබෙනු මම දිටිමි. ඒවා හොඳට ම වියළී තිබුණේ ය.


සොහොන් වළෙහි දී ඔබේ තිර පෙම ගැන ද පාතාලයෙහි දී ඔබේ විශ්වාසවන්තකම ගැන ද කතා කරනු ලැබේ ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්