Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 33:6 - Sinhala New Revised Version 2018

6 එහෙත්, මුර සෙබළා සතුරු සේනා පැමිණෙනු දැක සෙනඟට දන්වන ලෙස හොරණෑව නොපිඹ සිටියොත්, අනතුර නොදත් සෙනඟ අතරෙන් පවිටු ව සිටින ඕනෑ ම කෙනෙකු සතුරන් අතින් මරණයට ගොදුරු වුවහොත් ඒ මරණයට මුර සෙබළා වගකිවයුත්තා වශයෙන් මම සලකමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 එහෙත්, මුර සෙබළා සතුරු සේනා පැමිණෙනු දැක සෙනඟට දන්වන ලෙස හොරණෑව නොපිඹ සිටියොත්, අනතුර නොදත් සෙනඟ අතරෙන් පවිටු ව සිටින ඕනෑ ම කෙනෙකු සතුරන් අතින් මරණයට ගොදුරු වුවහොත් ඒ මරණයට මුර සෙබළා වගකිවයුත්තා වශයෙන් මම සලකමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 නුමුත් මුරකාරයා කඩුව පැමිණෙනවා දැක සෙනඟට දන්වන ලෙස හොරණෑව නොපිඹ සිටියොත්, කඩුව පැමිණ ඔවුන්ගෙන් යමෙකු පහකරන්ට යෙදුණොත්, ඔහු තමාගේ අයුතුකම නිසා පහකරනු ලැබේ, නුමුත් ඔහුගේ ලේ මුරකාරයාගේ අතින් අයකරන්නෙමියි කියන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 33:6
13 හුවමාරු යොමු  

තමාගේ ගෙයි, තමාගේ යහනේ සිටිය දී, දැහැමි මිනිසෙකු මරාදැමූ දුෂ්ට මිනිසුන්ට ඊට කොපමණ වැඩියෙන් එසේ කරන්නට යුතු ද? එබැවින් ඔහුගේ ලේ වැගිරීමේ වරදට ඔබෙන් පළි ගෙන ඔබ දැන් මිහි පිටින් පහ කරදැමීම මට යුතු නො‍වේ දැ”යි ඇසුවේ ය.


එවිට රූබන් පිළිතුරු දෙමින්, “ ‘ළමයාට විරුද්ධ ව පව් නොකරන්න,’ කියා මා ඔබට කීවා නොවේ ද? එහෙත්, ඔබ ඇහුම්කන් නුදුන්නහු ය. එබැවින්, මෙන්න, ඔහුගේ ලේ ගැන අප දැන් වන්දි ගෙවිය යුතු ය”යි කී ය.


පව් කරන පුද්ගලයා ම නසිනු ඇත. පුත්‍රයා පියාගේ අදමිටුකමට වගකිවයුත්තෙක් නොවේ; පියා ද පුත්‍රයාගේ අයුතුකමට වගකිවයුත්තෙක් නොවේ. ධර්මිෂ්ඨයා සිය ධර්මිෂ්ඨකමේ පල විපාකත්, දුෂ්ටයා සිය දුෂ්ටකමේ ප්‍රතිවිපාකත් විඳින්නේ ය.


යමෙකු නුඹ මැරුවොත් මම ඔහුට මරණීය දඬුවම දෙමි. සතෙකු හෝ මිනිසෙකු හෝ නුඹ මැරුවොත් මම ඌ හෝ ඔහු හෝ වනසා දමමි. මිනිසා මිනිසෙකු මැරුවොත් මම ඔහු ද වනසාලමි.


මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න, මම එඬේරුන්ට විරුද්ධ ව සිට මාගේ බැටළුවන් ඔවුන් අතින් ආපසු ගන්නෙමි. ඒ එඬේරුන් බැටළුවන් රැකබලාගැනීමෙන් මම අස් කරන්නෙමි. තවත් තමන් ම පෝෂණය කරගන්න එඬේරුන්ට ඉඩ නොදෙමි. මාගේ බැටළුවන් ඔවුන්ට ගොදුරු නොවන ලෙස මම ඔවුන්ගේ කටින් උන් ගළවා ගන්නෙමි.”


“එහෙත්, ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකමෙන් හැරී, අධර්මිෂ්ඨකම් කොට, දුෂ්ටයා කරන සියලු ම පිළිකුල් ක්‍රියා කළොත්, ඔහු ජීවත් වේ ද? ඔහු කළ ඔහුගේ ධර්මිෂ්ඨ ක්‍රියාවලින් කිසිවක් සිහි කරනු නොලැබේ. ඔහු කළ ඔහුගේ ද්‍රෝහිකම් නිසාත්, ඔහු කළ ඔහුගේ පාප නිසාත් ඔහු නසින්නේ ය.


දුෂ්ටයා දුෂ්ට ක්‍රියාවලින් පිරිහෙයි; ධර්මිෂ්ඨයා සිය දැහැමිකමින් සුරැකෙයි.


එහෙත් ඔවුන් විරුද්ධ ව සිට, අපහාස කළ කල්හි, පාවුලු තමාගේ වස්ත්‍රවල ධූලි ගසාදමා, ඔවුන්ට කතා කොට, “ඔබගේ ලේ ඔබගේ ම හිස් පිට වැගිරේ වා; මම නිදොස් වෙමි. මෙතැන් පටන් විජාතීන් වෙතට යමි”යි කී ය.


මා නොඑවූ නමුත්, මාගේ නාමයෙන් දිවැස් වැකි කියන, ‘කඩුව වත්, සාගතය වත්, මේ දේශයට නොපැමිණෙන්නේ ය’යි කියන මේ දිවැසිවරුන් ගැන ස්වාමීන් වන මා කියන දේ මෙය වේ: ඔව්හු කඩුවෙන් ද සාගතයෙන් ද විනාශ වන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්