Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 29:21 - Sinhala New Revised Version 2018

21 “ඒ දවසේ දී මම ඉශ්රායෙල් සෙනඟ අඟක් මෙන් ශක්තිමත් කරන්නෙමි. තවද එසකියෙල්, සියල්ලන්ට ඇසෙන සේ කතා කරන්න මම නුඹට ඉඩ සලසාදෙන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔව්හු දැනගන්නෝ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 “ඒ දවසේ දී මම ඉශ්රායෙල් සෙනඟ අඟක් මෙන් ශක්තිමත් කරන්නෙමි. තවද එසකියෙල්, සියල්ලන්ට ඇසෙන සේ කතා කරන්න මම නුඹට ඉඩ සලසාදෙන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔව්හු දැනගන්නෝ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 ඒ දවසේදී මම ඉශ්‍රායෙල් වංශයට අඟක් ලියලවන්නෙමි, නුඹේ මුඛයද ඔවුන් අතරෙහි අරවන්නෙමි; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝයයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 29:21
21 හුවමාරු යොමු  

ඔහු දිළිඳුන්ට නොමසුරු ව දෙන්නේ ය; ඔහුගේ දැහැමිකම සදාකල් පවත්නේ ය; ඔහු ගරු සම්මාන ලබා බලවත් වන්නේ ය.


එහි දාවිත්ගෙන් පැවැතෙන්නෙකු බලවත් රජෙකු කරන්නෙමි. මාගේ අභිෂේක ලත් තැනැත්තාට පහනක් මෙන් දිළෙන්නට සලසන්නෙමි.


එතුමාණන්ගේ සියලු සෙනඟ ද එතුමාණන්ට ප්‍රිය ඉශ්රායෙල් සෙනඟ ද සියලු සැදැහැවතුන් ද පැසසුමට හා මහිමයට එතුමාණෝ එසෙවූ සේක. සමිඳුන්ට ප්‍රශංසා කරන්න.


සමිඳුනි, ගී ගැයුමේ වරම මට දුන මැනව. එවිට මා මුවින් ඔබ පැසසුම් ගයන්නෙමි.


ඔබ මා කුළු හරකෙකු මෙන් ශක්තිමත් කළ සේක; ඔබ නව තෙලින් මා ආලේප කළ සේක.


ඒ දවසේ දී ජාකොබ්ගේ පරම්පරාව වන ඉශ්රායෙල් සෙනඟ දලු ලා මල් හටගන්න ගසක් මෙන් මුල් ඇදගන්නේ ය. පොළොව පලදාවෙන් පිරී යන්නේ ය.


“ස්වාමීන් වන මම මෙසේ වදාරමි: දාවිත්ගේ පෙළපත නමැති වෘක්ෂයෙන් දැහැමි රිකිල්ලක් හටගන්නා කාලය පැමිණෙන්නේ ය. එතුමාණන් නැණනුවණින් රජකම් කරමින්, දැහැමිකමත් යුක්තියත් දේශය මුළුල්ලේ ඉටු කරනු ඇත.


ඒ දවසේ දී නැති වී ගිය නුඹේ කතා ශක්තිය නුඹට ලැබී, තවත් ගොළු ව නොසිට නුඹ ඒ තැනැත්තා සමඟ කතා කරනු ඇත. මෙසේ නුඹ ඔවුන්ට සලකුණක් වන්නෙහි ය; ඔවුන් මා සමිඳාණන් වහන්සේ බව දැනගනු ඇත.’ ”


ඉශ්රායෙල්වරු ආධාර පිණිස මිසරය කෙරෙහි තවත් විශ්වාසය නොතබන්නෝ ය. මිසරයට වන දුර්භාග්‍යය, එය කෙරේ විශ්වාසය තැබීමේ වරද ඉශ්රායෙල්වරුන්ට මතක් කර දෙනු ඇත. එවිට මා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව ඔව්හු දැනගන්නෝ ය.”


එවිට මිසරයේ සියලු වැසියෝ මා සමිඳාණන් වහන්සේ බව දැනගන්නෝ ය.


මිසර දේශය නාස්ති වී, පාළු වනු ඇත. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔව්හු දැනගන්නෝ ය. මක්නිසා ද, නයිල් ගඟ මාගේ ය; මම එය සදාගතිමි යි නුඹ කී බැවිනි.


මම නුඹේ දිව නුඹේ උඩුතල්ලේ ඇලෙන්න සලස්වන්නෙමි. එවිට නුඹ ගොළු වී, ඔවුන් කැරලිකාර සෙනඟක් වන බැවින් ඔවුන්ට තරවටු කරන්න නුඹට නොහැකි වන්නේ ය.


එහෙත්, මා නුඹ සමඟ කතා කරන කල නුඹට කතා ශක්තිය දෙන්නෙමි. නුඹ ද කතා කරමින්, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්නෙහි ය, සවන් දෙන්නෝ සවන් දෙත්වා; සවන් නොදෙන්නෝ සවන් නොදෙත්වා. මන්ද, ඔව්හු කැරලිකාර සෙනඟකි.”


සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:


ගැළවී ආ තැනැත්තා එන්නට පෙර දා සවස සමිඳාණන් වහන්සේගේ බලය මා පිට පැමිණ තිබුණේ ය. ඒ මිනිසා පසු දින උදේ මා වෙත එන විට උන් වහන්සේ කතා ශක්තිය මට දී තිබුණේ ය. මාගේ මුඛය ඇරී, මම තවත් ගොළු ව නොසිටියෙමි.


සිය දාසයා වූ දාවිත්ගේ වංශයෙන් අප හට, බලවත් මිදුම්කාරයෙකු එතුමාණෝ එවූ සේක.


මන්ද, ඔබගේ විරුද්ධවාදීන් කිසිවෙකුට නොබිඳිය හැකි වූ ද නිෂ්ප්‍රභා කළ නොහැකි වූ ද වාග් චතුරතාවක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි.


සමිඳුන්ගේ සතුරෝ සුණු විසුණු කරනු ලබති; අතිඋසස් දෙවිඳාණෝ අහසෙන් ගිගුරුම් දෙන සේක. සමිඳාණෝ මුළු පොළෝ තලය විනිශ්චය කරන සේක; එතුමාණෝ සිය රජුට බලය දෙන සේක. තමන් තෝරාගත් රජුට ජය අත් කර දෙන සේක.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්