Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 26:8 - Sinhala New Revised Version 2018

8 මුල් බිමේ සිටින නුඹේ දූවරුන් ඔහු කඩුවෙන් මරා, නුඹට විරුද්ධ ව පවුරු බැඳ නුඹට විරුද්ධ ව පස් කඳු සාදා, නුඹට විරුද්ධ ව පලිස්වලින් සැදුම්ලත් ආවරණ ඉදිකරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 මුල් බිමේ සිටින නුඹේ දූවරුන් ඔහු කඩුවෙන් මරා, නුඹට විරුද්ධ ව පවුරු බැඳ නුඹට විරුද්ධ ව පස් කඳු සාදා, නුඹට විරුද්ධ ව පලිස්වලින් සැදුම්ලත් ආවරණ ඉදිකරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 කෙතේ සිටින නුඹේ දූවරුන් ඔහු කඩුවෙන් මරා, නුඹට විරුද්ධව කොටු බැඳ, නුඹට විරුද්ධව ගොඩැල්ලක් සාදා, නුඹට විරුද්ධව පලිහ ඔසවනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 26:8
9 හුවමාරු යොමු  

‘ජෙරුසලම’ යන නම සටහන් කර ඇති ඊගස ඔහුගේ දකුණතට අසු වුණේ ය. යුද්ධ යන්ත්‍ර තබන්නටත් ඝාතනය කරන්න අණ කරන්නටත්, රණ හඬ නගන්නටත්, දොරටුවලට විරුද්ධ ව යුද්ධ යන්ත්‍ර තබන්නටත්, පස් කඳු ඉදි කරන්නටත්, කොටු පවුරු ගොඩනඟන්නටත් ඊගස මඟින් ඔහුට දන්වනු ලැබී ය.


ඔහුගේ රාජ්‍ය කාලයේ නව වන අවුරුද්දේ දස වන මස දස වන දින බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් තමාගේ මුළු සේනාව සමඟ ජෙරුසලමට විරුද්ධ ව අවුත්, කඳවුරු බැඳ, එයට වටකරින් බලකොටු ද ගොඩනැඟුවේ ය.


“මෙන්න, නගරය අල්ලාගන්න පිණිස ඒ වටා පස් කඳු සාදා ඇත. බබිලෝනිවරු නගරයට පහර දෙන්නෝ ය. යුද්ධයත්, සාගතයත්, වසංගතයත් කරණකොටගෙන නගරය ඔවුන්ට අත්පත් වන්නේ ය. ස්වාමීනි, ඔබ වදාළ දේ සිද්ධ වී තිබෙන බව ඔබට පෙනෙන්නේ ය.


“සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. ජෙරුසලම වටලන පිණිස ගස් කපාගෙන බලකොටු සාදාගන්න. දඬුවම ලැබිය යුතු නගරය මෙය වේ. තාඩන පීඩන හැර අන් කිසිවක් එහි නැත.


ඔව්හු අවුත් ආබෙල්-බෙත්-මයකා නගරය වටලාගෙන එය ඉදිරිපිට ගොඩැල්ලක් නැඟුවෝ ය. එය පවුර ඉදිරිපිට තිබිණි. ජෝවාබ් සමඟ සිටි මුළු සෙනඟ ද පවුර හෙළා දමන්නට ඊට පහර දුන්හ.


ඔබේ සතුරන් බලකොටු තනා, ඔබ සිසාරා, සතර දිගින් ඔබ වටලන දවස් පැමිණෙන්නේ ය.


මුල් බිමේ සිටින ඇගේ දූවරු කඩුවෙන් මැරුම් කන්නෝ ය. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව සියල්ලන් දැනගනු ඇත.”


නුඹේ පවුරුවලට විරුද්ධ ව තමාගේ යුද්ධ යන්ත්‍ර තබා, තමාගේ පොරෝවලින් නුඹේ කොත් කඩාදමනු ඇත.


ඔව්හු රජුන්ට නින්දා කරති; අධිපතීන්ට කවටකම් කරති; සෑම බලකොටුවක් ම සුළු කොට සලකති; පස් ගොඩකර ඒවා අල්ලා ගනිති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්