Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 23:49 - Sinhala New Revised Version 2018

49 නුඹලාගේ සල්ලාලකමේ දුර්විපාකය නුඹලා පිට පමුණුවනු ඇත; පිළිම නැමදීමේ පාපයට දඬුවම් ලැබෙනු ඇත. එවිට මා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.’ ”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

49 නුඹලාගේ සල්ලාලකමේ දුර්විපාකය නුඹලා පිට පමුණුවනු ඇත; පිළිම නැමදීමේ පාපයට දඬුවම් ලැබෙනු ඇත. එවිට මා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.’ “

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

49 ඔවුන් නුඹලාගේ සල්ලාලකමේ ඵල නුඹලා පිටට පමුණුවනවා ඇත, නුඹලාගේ පිළිමවල පාපද නුඹලා දරා, මා ස්වාමිවූ දෙවියන්වහන්සේ බව දැනගන්නවා ඇතැයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 23:49
17 හුවමාරු යොමු  

එබැවින් මම දයාව දක්වන්නේ වත්, කරුණා කරන්නේ වත් නැති ව, ඔවුන්ගේ කල්ක්‍රියාවට විපාකය ඔවුන්ගේ හිස් පිට පමුණුවන්නෙමි”යි මට වදාළ සේක.


මම නුඹලාට දයාව නොදක්වමි; අනුකම්පා නොකරමි; පිළිකුල් කටයුතු දේ නුඹලා තුළ පවතින තුරු නුඹලාගේ කල්ක්‍රියාව අනුව මම නුඹලාට දඬුවම් කරන්නෙමි. මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.


තවද, මට විරුද්ධ ව කැරලි ගසන්නන් ද ද්‍රෝහිකම් කරන්නන් ද මම නුඹලාගෙන් වෙන් කොට ඔවුන් පදිංචි වී සිටින දේශයෙන් පිට කරන්නෙමි. එහෙත්, ඔව්හු ඉශ්රායෙල් රටට ඇතුළු නොවන්නෝ ය. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.


මම නුඹලාට දයාව නොදක්වමි; අනුකම්පා නොකරන්නෙමි. පිළිකුල් කටයුතු දේ නුඹලා තුළ පවතින තුරු නුඹලාගේ කල්ක්‍රියාව අනුව මම නුඹලාට දඬුවම් කරන්නෙමි. පහර දෙන්නේ ස්වාමීන් වන මා බව මෙසේ නුඹලා දැනගන්නහු ය.


මරුමුවට පත් වූ අය නුඹලා අවට වැටී සිටින විට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.


එතුමාණෝ ඔවුන්ගේ ක්‍රියා අනුව දඬුවම් කරන සේක. විරෝධකරුවන්ට උදහස ද සතුරන්ට විපාක ද පමුණුවන සේක. මුහුදුබඩ වසන්නන්ටත් එසේ ම කරන සේක.


රබ්බා ඔටුවන්ට තණ බිමක් ද අම්මොන් වැසියන්ගේ රට බැටළුවන් ලගින තැනක් ද කරන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.


නුඹ මා අමතක කර මට පිටුපා ගිය බැවින් නුඹේ සල්ලාලකමේ සහ වේශ්‍යාකමේ දුර්විපාකය නුඹ ම දරන්නෙහි ය’ කියා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”


එබැවින්, මාගේ කෝපය ඔවුන් කෙරෙහි වගුරුවා, මාගේ කෝපාග්නියෙන් ඔවුන් විනාශ කරදමා ඔවුන්ට යුතු දඬුවම ඔවුන් පිට පැමිණෙව්වෙමි. මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”


ඉශ්රායෙල් වංශය, නුඹලාගේ නපුරු කල්ක්‍රියාවල හැටියට වත්, නුඹලාගේ දූෂ්‍ය ක්‍රියාවල හැටියට වත් නොව, මාගේ නාමය නිසා නුඹලා ගැන මා ක්‍රියා කළ කල්හි මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.” මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.


“නුඹලාගේ පියවරුන්ට දෙන හැටියට මාගේ අත ඔසවා දිවුළ දේශය වන ඉශ්රායෙල් රටට මා නුඹලා පැමිණෙවු කල්හි මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.


නුඹ නුඹේ බාල කාලය අමතක කොට, නුඹ කළ සියල්ලෙන් මා උදහස් කළ බැවින් එහි දුර්විපාක මම නුඹ පිට පැමිණෙව්වෙමි. නුඹ ද නුඹේ සියලු පිළිකුල් ක්‍රියා මදිවාට, මේ නපුරු දූෂ්‍යකම් කෙළේ මන්දැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ පවසන සේක.’ ”


එහෙත්, තමන්ගේ අශික්ෂිතකම් ද තමන්ගේ පිළිකුල්කම් ද කෙරෙහි සිත ඇදී ගොස් ඇති අයට ඔවුන්ගේ ක්‍රියාවල විපාක විඳින්නට සලස්වන්නෙමි’ මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”


සමිඳාණෝ යුක්තිය ඉටු කොට ප්‍රකාශ වූ සේක. කුදිටු දනෝ තමන් හෙළන උපා දැලේ පැටලී සිටිති.


නුඹ කළ අශික්ෂිත පිළිකුල් කටයුතු ක්‍රියාවල විපාකය නුඹ දැරිය යුතු ය.’ මෙසේ පැවසුවේ සමිඳාණන් වහන්සේ ය.”


මෙසේ මම දේශයෙන් සල්ලාලකම පහ කරන්නෙමි; ඔවුන්ට මෙන් සෙසු ස්ත්‍රීන්ට සල්ලාලකම් නොකරන්න උගන්වනු ලැබේ.


නව වන අවුරුද්දේ දස වන මාසයේ දස වන දා සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්