Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 20:4 - Sinhala New Revised Version 2018

4 මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඔවුන් විනිශ්චය කරන්න සූදානම් ද? ඔවුන්ගේ පියවරුන්ගේ පිළිකුල් ක්‍රියා ඔවුන්ට දන්වමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඔවුන් විනිශ්චය කරන්න සූදානම් ද? ඔවුන්ගේ පියවරුන්ගේ පිළිකුල් ක්‍රියා ඔවුන්ට දන්වමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඔවුන් විනිශ්චයකරනවාද? විනිශ්චයකරනවාද? ඔවුන්ගේ පියවරුන්ගේ පිළිකුල්කම් ඔවුන්ට දන්වමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 20:4
16 හුවමාරු යොමු  

“මනුෂ්‍ය පුත්‍රය, නුඹ විනිශ්චය කරන්න සූදානම් ද? ලෙයින් පිරි නගරය විනිශ්චය කරන්න, නුඹ සූදානම් ද? එසේ නම් ඇගේ සෑම පිළිකුල් ක්‍රියා ඈට දන්වමින් මෙසේ කියන්න:


සමිඳාණන් වහන්සේ මට තවදුරට කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඔහොලා සහ ඔහොලීබා විනිශ්චය කරන්නෙහි ද? එසේ නම්, ඔවුන්ගේ පිළිකුල් ක්‍රියා ඔවුන්ට දන්වන්න.


කිතුනු සෙනඟ ලෝකයා විනිශ්චය කරන බව ඔබ නොදන්නහු ද? ලෝකයා විනිශ්චය කරන්නේ ඔබ නම්, සුළු ආරාවුලක් විසඳීමට ඔබ අපොහොසත් ද?


එබැවින් කාමමිථ්‍යාචාරික ස්ත්‍රීන් විනිශ්චය කරන ප්‍රකාරයටත්, ලේ වගුරුවන ස්ත්‍රීන් විනිශ්චය කරන ප්‍රකාරයටත් ධර්මිෂ්ඨ මනුෂ්‍යයෝ ඔවුන් විනිශ්චය කරන්නෝ ය. කුමක්නිසා ද, ඔව්හු කාමමිථ්‍යාචාරික ස්ත්‍රීහු ය; ඔවුන්ගේ අත්වල ලේ තැවරී ඇත.


නෝවා ද දානියෙල් ද ජෝබ් ද එහි සිටියත්, මාගේ ජීවමාන නාමයෙන් දිවුරා කියමි, ඔවුන්ට සිය දරුදැරියන් වත් ගළවාගත නොහැකි වන්නේ ය; ඔවුන් තමන්ගේ ධර්මිෂ්ඨකමින් සිය ප්‍රාණය පමණක් ගළවාගනු ඇත. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.


එකල්හි නෝවා ද දානියෙල් ද ජෝබ් ද යන මේ මනුෂ්‍යයන් තිදෙනා එහි සිටියත්, ඔවුන්ට තමන්ගේ ධර්මිෂ්ඨකමින් ගළවාගත හැකි වන්නේ ඔවුන්ගේ ම ප්‍රාණ පමණකි.


එකල සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “මෝසෙස් හා සාමුවෙල් මා ඉදිරියෙහි සිට කන්නලව් කළත්, මේ සෙනඟට මම අනුකම්පා නොකරමි. මා ඉදිරියෙන් ඔවුන් පහ කරන්න; ඔවුන් පලවා හරින්න.


ඒ නිසා ජෙරමියා, නුඹ මේ සෙනඟ උදෙසා යාච්ඤා නොකරන්න; ඔවුන් වෙනුවෙන් කන්නලව් ද යැදුම් ද ඔප්පු නොකරන්න. ඔවුන් විපත්ති කාලයේ දී මට යාච්ඤා කරන විට මම ඔවුන්ගේ වචන නොඅසන්නෙමි.


“ජෙරමියා, නුඹ මේ සෙනඟ උදෙසා යාච්ඤා නොකරන්න. ඔවුන් උදෙසා මොරනොගසන්න. යාච්ඤා නොකරන්න. මා නුඹේ බසට සවන් නොදෙන බැවින් මට කන්නලව් නොකරන්න.


ඒ නිසා මාගේ පෙම්වතා මෙසේ කියයි; “ජෙරුසලමේ හා ජුදාවේ වැසියෙනි, මා හා මාගේ මිදි වත්ත අතරේ විනිශ්චය කරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්