Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 20:24 - Sinhala New Revised Version 2018

24 මා එසේ කෙළේ ඔවුන් මාගේ පනත් නොපිළිපැද, මාගේ ආඥා ප්‍රතික්ෂේප කොට, මාගේ සබත් දවස කෙලෙසූ නිසාත්, ඔවුන්ගේ ඇස් ද තමන්ගේ පියවරුන්ගේ දේව රූප දෙස යොමු වී තිබුණ නිසාත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 මා එසේ කෙළේ ඔවුන් මාගේ පණත් නොපිළිපැද, මාගේ ආඥා ප්‍රතික්ෂේප කොට, මාගේ සබත් දවස කෙලෙසූ නිසාත්, ඔවුන්ගේ ඇස් ද තමන්ගේ පියවරුන්ගේ දේව රූප දෙස යොමු වී තිබුණ නිසාත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 මක්නිසාද ඔව්හු මාගේ විනිශ්චයන් ඉෂ්ට නොකර, මාගේ පනත් එපාකොට, මාගේ සබත් කෙලෙසුවෝය, ඔවුන්ගේ ඇස්ද තමුන්ගේ පියවරුන්ගේ දේවරූප දෙස තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 20:24
11 හුවමාරු යොමු  

මෙසේ කෙළේ, ඔවුන් මාගේ පනත් එපා කොට, මාගේ ආඥා ප්‍රකාර නොහැසිර, මාගේ සබත් කෙලෙසූ නිසා ය. මක්නිසා ද, ඔවුන්ගේ සිත් ඔවුන්ගේ දේව රූප දෙසට ඇදී ගියේ ය.


නුඹලා අතරෙන් ගැළවෙන අය විප්‍රවාසයට ගෙනයනු ලැබූ විට ඒ ඒ ජාතීන් අතර මා සිහි කරනු ඇත. එසේ වන්නේ, මා වෙතින් වෙන් වී ගිය ඔවුන්ගේ අවිශ්වාසී සිත මා බිඳදැමූ විට ද මා තුළ විශ්වාසය නොතබා දේව රූප දෙසට හැරුණු ඔවුන්ගේ ඇස් අන්ධ කළ විට ද වේ. ඔවුන් කළ නපුරුකම් නිසා ද ඔවුන්ගේ ද්වේෂ සහගත ක්‍රියා නිසා ද ඔව්හු ඔවුන්ගේ ඇස් හමුයෙහි ම පිළිකුලක් වන්නෝ ය.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ජුදා වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව එපා කොට, උන් වහන්සේගේ අණපනත් නොපැවැත්වූ නිසා, මම ඔවුන්ට සත්තකින් ම දඬුවම් කරමි. ඔවුන්ගේ පියවරුන් වැඳ පිදූ දෙවිවරුන්, ඔවුන් නොමඟ ගෙන ගොස් ඇත,


එහෙත්, ඉශ්රායෙල් වංශය කාන්තාරයේ දී මට විරුද්ධ ව කැරලිගසා, මාගේ ආඥා අනුව නොහැසිර, මාගේ පනත් ප්‍රතික්ෂේප කළෝ ය. ඒවා ප්‍රතික්ෂේප නොකර, ඒවා පිළිපැදීමෙන් මිනිසුන්ට ජීවනය ලැබෙනු ඇත. ඔව්හු මාගේ සබත් දවස් ද බොහෝ සෙයින් කෙලෙසුවෝ ය. එවිට ඔවුන් නැති කර දැමීමට කාන්තාරයේ දී මාගේ කෝපය ඔවුන් පිට වගුරුවන්නට සිතුවෙමි.


ඔහු කිසි කලක කඳු මත පූජාස්ථානවල කෑම කන්නේ නැත; ඉශ්රායෙල්හි දේව රූප දෙසට නෙත් යොමු කරන්නේ නැත. අන් කෙනෙකුගේ භාර්යාව දූෂණය කරන්නේ නැත.


අසරණයාට ද දිළින්දාට ද පීඩා කොට කොල්ලකන්නේ ය; ණයට ගත් තැනැත්තාගේ උකස ආපසු නොදෙන්නේ ය; දේව රූප දෙසට නෙත් යොමා,


ඔහු කිසි කලක කඳු මත පූජාස්ථානවල කෑම කන්නේ නැත; ඉශ්රායෙල්හි දේව රූප දෙසට නෙත් යොමු කරන්නේ නැත; අන් කෙනෙකුගේ භාර්යාව දූෂණය කරන්නේ නැත; ඔසප් වී සිටින ස්ත්‍රියක වෙත ළඟා වන්නේ නැත;


ඔබ අහස දෙස හිස ඔසවා, එහි ඇති ඉර, හඳ, තාරකා සහ සියලු ආකාශ වස්තු දකින විට ඒවාට වන්දනා නමස්කාර කිරීමට ඇදී නොයන්න. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඒවා දී ඇත්තේ මිහි පිට සෙසු සියලු ජාතීන් සඳහා ය.


ඔව්හු තවදුරටත් මට මෙසේ කළහ. එම දවසේ ඔව්හු මාගේ ශුද්ධස්ථානය අපවිත්‍ර කොට, මාගේ සබත් දවස කෙලෙසූ හ.


පල අනුභව කිරීම පිණිස ද යහපත් දේ භුක්ති විඳීම පිණිස ද මා නුඹලා සාරවත් දේශයකට පැමිණෙවූ නමුත්, නුඹලා ඒ දේශයට ඇතුළු වී, එය කෙලෙසා මාගේ උරුමය පිළිකුලක් කළහු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්