Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 19:5 - Sinhala New Revised Version 2018

5 ඈ බලා සිට කලකිරී, ඇගේ බලාපොරොත්තුව සුන් ව තිබෙන බව දැක, සිය පැටවුන්ගෙන් තවත් එකෙකු ගෙන ඌ තරුණ සිංහයෙකු වන තෙක් ඇතිදැඩි කළා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ඈ බලා සිට කලකිරී, ඇගේ බලාපොරොත්තුව සුන් ව තිබෙන බව දැක, සිය පැටවුන්ගෙන් තවත් එකෙකු ගෙන ඌ තරුණ සිංහයෙකු වන තෙක් ඇතිදැඩි කළා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 ඈ බලා සිට ඇගේ බලාපොරොත්තුව නැතිවී තිබෙන බව දැක, තමාගේ පැටවුන්ගෙන් තවත් එකෙකුගෙන තරුණ සිංහයෙකු කළාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 19:5
6 හුවමාරු යොමු  

ජුදා සිහ පොව්වෙකි, මපුත, ඔහු ගොදුරු කා යළි ගුහාව බලා එයි. ඔහු සිහ රදෙකු මෙන් ද සිහ දෙනක මෙන් ද වක ගැසී වැතිර සිටියි. ඔහු නැඟිටුවන්නේ කවරෙක් ද?


හූෂයි තවදුරටත් කතා කරමින් මෙසේ කීවේ ය: “ඔබේ පියා හා ඔහුගේ මිනිසුන් බලවන්තයන් බවත්, වනයේ පැටවුන් නැති වූ වැලහින්නක මෙන් කෝප වී සිටින බවත් ඔබ දන්නෙහි ය. ඔබේ පියා යුද්ධයෙහි දක්ෂයෙකි. ඔහු රාත්‍රියේ සෙනඟ සමඟ නවතින්නේ නැත.


ඈ ඇති කළ ඇගේ පැටවුන්ගෙන් එකෙක් තරුණ සිංහයෙක් වී, ගොදුරු අල්ලන්න ඉගෙනගෙන මිනිසුන් කාදැමී ය.


ඌ ගැන ජාතීන්ට ද සැළ විය. ඌ ඔවුන්ගේ බොරු වළෙහි අසු විය. ඔව්හු උගුලට කොකු දමා ඌ මිසර දේශයට ගෙන ගියෝ ය.


ඌ ද සිංහයන් අතරේ ගැවසී, තරුණ සිංහයෙකු වී, ගොදුරු අල්ලන්න ඉගෙනගෙන මිනිසුන් කාදැමී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්