Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 16:5 - Sinhala New Revised Version 2018

5 නුඹට අනුකම්පා කොට මේවායින් එකක් වත් නුඹට කරන පිණිස කිසිවෙක් නුඹ දෙස දයාවෙන් නොබැලුවේ ය. නුඹ උපන් දවසේ දී නුඹ පිළිකුල් කරනු ලැබ නුඹ එළිමහනේ පිටතට විසි කරදමනු ලැබුවෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 නුඹට අනුකම්පා කොට මේවායින් එකක් වත් නුඹට කරන පිණිස කිසිවෙක් නුඹ දෙස දයාවෙන් නොබැලුවේ ය. නුඹ උපන් දවසේ දී නුඹ පිළිකුල් කරනු ලැබ නුඹ එළිමහනේ පිටතට විසි කරදමනු ලැබුවෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 නුඹට අනුකම්පාකොට මේවායින් එකක්වත් නුඹට කරන ලෙස කිසි ඇසක් නුඹට දයා නොවීය; නුඹ උපන් දවසේදී නුඹේ ප්‍රාණය පිළිකුල් එකක් ලෙස සලකා නුඹ කෙතේ දමනු ලැබුවෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 16:5
13 හුවමාරු යොමු  

කාන්තාර රටක දී, බියකරු පාළුකරයේ දී, ඔවුන් හමු වී, එතුමාණෝ, තම දෙනෙත මෙන් ඔවුන් රැකබලා ඔවුන්ට උපදෙස් දී, මඟපෙන්වූ සේක.


සිවල් දෙන්නු පවා උන්ගේ පැටවුන්ට කිරි පොවති. එහෙත්, මාගේ සෙනඟගේ දූවරු කාන්තාරයේ පැස්බරුන් මෙන් කෲර වී සිටිති.


එලෙස ම යමෙකු එළිමහනේ කඩුවකින් මරාදැමූ කෙනෙකු හෝ මෘත ශරීරයක් හෝ මිනිසෙකුගේ ඇටකටුවක් හෝ සොහොනක් හෝ ස්පර්ශ කළොත් ඔහු දින හතකට අපවිත්‍ර ය.


එවිට පාරාවෝ මුළු සෙනඟ අමතා, “හෙබ්‍රෙව්වරුන්ට උපදින හැම පිරිමි ළමයෙකු ම නයිල් ගඟට විසි කළ යුතු ය; සෑම දුවකට ජීවත් වන්න ඉඩ දිය යුතු ය”යි අණ කෙළේ ය.


එබැවින් ඈ ආබ්‍රහම්ට කතා කොට, “මේ දාසියත්, ඇගේ පුතාත් එලවා දමන්න, මේ දාසියගේ පුතු මාගේ පුත්‍රයා වන ඊසාක් සමඟ උරුමකරු නොවිය යුතු ය”යි කීවා ය.


සමිඳාණෝ පිළිතුරු දෙමින් මෙසේ වදාළ සේක: “මවකට හැකි ද, කුසේ දැරූ බිළිඳා අමතක කරන්න? හැකි ද ඈට ඇගේ ම කිරි දරුවාට පෙම් නොකරන්න? මවක ඇගේ දරුවා අමතක කළත්, මම නම්, කිසිදා නුඹ අමතක නොකරමි.


“මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් නුඹට කහඹිලියා හා කටු ගස් මෙන් වුවත්, නුඹ ගෝනුස්සන් අතරේ වාසය කරන්නේ වී නමුත්, ඔවුන්ට වත්, ඔවුන්ගේ වචනවලට වත් බිය නොවන්න. ඔවුන්ගේ මුහුණේ පෙනුමට නොකැළඹෙන්න.


දයාවන්ත ස්ත්‍රීහු තමන්ගේ අත්වලින් සිය දරුවන් තම්බා පිසුවෝ ය. මාගේ සෙනඟ පිට පැමිණි විනාශයේ දී ඒ දරුවෝ ඔවුන්ට ආහාර වූ හ.


රෑ යාම්වල නැඟිට උදේ අලුයම ඝෝෂා කරන්න. ඔබේ සිත සමිඳුන් ඉදිරිපිට ජලය මෙන් වගුරුවන්න. සියලු වීදි සන්ධිවල දී බඩගින්නෙන් ක්ලාන්ත වන ඔබේ ළමයින්ගේ ප්‍රාණ උදෙසා ඔබේ අත් එතුමාණන් දෙසට ඔසවන්න.


මාගේ සෙනඟගේ විනාශය නිසා මාගේ ඇස්, කඳුළු වැගිරීමෙන් වෙහෙසට ද, ළමයින් ද කිරි දරුවන් ද නුවර වීදිවල ක්ලාන්ත වන බැවින් මාගේ සිත ශෝකයෙන් ඇලළී ගොස් ඇත.


කොටළුවෙකු වළලන පරිදි ඔහු ජෙරුසලමේ දොරටුවලින් එපිටට ඇදගෙන ගොස් වළට විසි කොට වළලනු ලබනු ඇත.”


“ ‘මා නුඹ ළඟින් යන විට නුඹ ලේවල වැතිර සිටිනු දැක, ‘නුඹ ලේවල වැතිර සිටිය දී ජීවත් වී


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්