Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 16:39 - Sinhala New Revised Version 2018

39 මම නුඹ ඔවුන්ට පාවා දෙන්නෙමි. ඔවුන් නුඹේ උස් තැන් සමතලා කර, ගිරිකුළු දේවාල කඩාදමා, නුඹේ වස්ත්‍ර ඉරාදමා, නුඹේ අලංකාර ආභරණ ගලවා නුඹ සහමුලින් ම නිර්වස්ත්‍ර කරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 මම නුඹ ඔවුන්ට පාවා දෙන්නෙමි. ඔවුන් නුඹේ උස් තැන් සමතලා කර, ගිරිකුළු දේවාල කඩාදමා, නුඹේ වස්ත්‍ර ඉරාදමා, නුඹේ අලංකාර ආභරණ ගලවා නුඹ සහමුලින් ම නිර්වස්ත්‍ර කරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

39 තවද මම නුඹ ඔවුන් අතට දෙන්නෙමි, ඔවුන් නුඹේ [වේශ්‍යා] මහල කඩාදමා, නුඹේ උස්තැන් හෙළාදමා, නුඹේ වස්ත්‍ර ලිහාදමා, නුඹේ අලංකාර ආභරණ රැගෙන නුඹ නිර්වස්ත්‍රකොට නග්නකරනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 16:39
13 හුවමාරු යොමු  

එසේ නොකළොත් මම ඇය නිරුවත් කරමි; උපන් දා මෙන් නග්න කරමි. නිසරු මරුකතරක් මෙන් ද වියළුණු පාළුකරයක් මෙන් ද වෙන්නට සලස්වන්නෙමි. ඇය පිපාසයෙන් නසන්නෙමි.


ඔවුන් නුඹේ වස්ත්‍ර නුඹෙන් ගලවාගෙන, නුඹේ අලංකාර ආභරණත් පැහැරගනු ඇත.


ඔවුන් නුඹ ද්වේෂ සහගත ව සලකා, නුඹ වෙහෙස මහන්සියෙන් ලත් ප්‍රතිඵල සියල්ල පැහැරගෙන, නුඹ නග්න කොට, වෙසඟනක සේ පෙනෙන්න තබා යනු ඇත. නුඹේ වේශ්‍යාකම ද නුඹේ සල්ලාලකම ද නිසා මේ දේ නුඹ පිට පැමිණ ඇත.


එසේ ය, නුඹේ සියලු මාර්ගවල නුඹ යහන් තනාගෙන සියලු වීදිවල නුඹේ කඳු මත පූජාස්ථාන සාදාගත්තෙහි ය. එහෙත්, සාමාන්‍ය වෙසඟනක සේ නුඹට මුදල් ලබාගැනීමේ ආශාවක් නැත.


විජාතීන්ගේ පූජාසනවල සියලු ගල් රටහුණු මෙන් අඹරාදැමූ පසු ද අෂේරා කප් කණු, දුම් පූජාසන හා හිරු දෙවි රූප තවත් ඉතුරු නොවූ පසු ද ඉශ්රායෙල්ගේ පව් කමා කරනු ලබන්නේ ය.


ඔබ දුටු අං දසය හා මෘගයා නම් වේශ්‍යාවට වෛර බැඳ, ඈ සහමුලින් ම නග්න කර, ඇගේ මාංස කා, ඈ මුළුමනින් ගින්නෙන් දවන අය වෙති.


මම ද නුඹලාගේ ගිරිකුළු දේවාල වනසා දේව ප්‍රතිමා සිඳ බිඳදමා, නුඹලාගේ මළකඳන් දේව පිළිමවල නටබුන් මත ගොඩ ගසන්නෙමි. මම ද නුඹලා පිළිකුල් කරන්නෙමි.


ඔවුන්ගේ මව වෙසඟනකි; ඔවුන් වැදූ තැනැත්තී විලිබිය නැත්තියකි. ඈ මෙසේ කියයි: ‘මාගේ පෙම්වතුන් පසුපස මම යමි; ඔව්හු මට කෑම හා බීම ද ලොම් හා හණ ද මාගේ තෙල් හා පානය ද දෙති.’


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්