Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 15:8 - Sinhala New Revised Version 2018

8 ඔවුන් ද්‍රෝහිකම් කළ නිසා මම දේශය මරුකතරක් කරන්නෙමි.’ ”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ඔවුන් ද්‍රෝහිකම් කළ නිසා මම දේශය මරුකතරක් කරන්නෙමි.’ “

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 ඔවුන් ද්‍රෝහිකම්කළ නිසා මම දේශය පාළුවක් කරන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 15:8
12 හුවමාරු යොමු  

මම ඔවුන්ට විරුද්ධ ව මාගේ අත දිගු කොට පාළුකරය පටන් දිබ්ලා දෙසට පිහිටි ඔවුන්ගේ වාසස්ථාන ඇති මුළු දේශය පාළු ජරාවාස පෙදෙසක් කරන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”


සමිඳාණන් වහන්සේගේ උදහසේ දවසේ දී ඔවුන්ගේ රිදී නිසා වත්, රන් නිසා වත් ඔවුන්ට ගැළවෙන්නට නුපුළුවන. උන් වහන්සේගේ උදහසේ ගින්නෙන් පොළොව විනාශ වන්නේ ය. මිහි පිට වසන සියල්ලන් උන් වහන්සේ හදිසියෙන් නැත්තට ම නැති කරදමන සේක.


ඔවුන් කළ සියලු පිළිකුල් ක්‍රියා නිසා මා දේශය පාළුවක් ද නාස්තියක් ද කළ විට මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.


මාගේ දැල ඔහු පිට හෙළන්නෙමි. ඔහු මාගේ මලපතට අසු වන්නේ ය. මම ඔහු බබිලෝනියට පමුණුවා, මට විරුද්ධ ව කර තිබෙන ඔහුගේ ද්‍රෝහිකම ගැන එහි දී ඔහු විනිශ්චයයට පමුණුවන්නෙමි.


එවිට මම, “සමිඳුනි, මෙසේ වන්නේ කොපමණ කලකට දැ”යි ඇසීමි. එතුමාණෝ මෙසේ පිළිතුරු දුන් සේක: “වැසියෙකු නැති ව නගර ද මිනිසෙකු නැති ව ගෙවල් ද පාළු වන තුරුත්, දේශය සහමුලින් ම ජනශූන්‍ය වන තුරුත් ය.


භාර්යාවක වශයෙන් තමා පාවාගත් ස්වාමියාට ඈ ප්‍රිය මනාප නොවන්නී නම්, ඈ ආපසු මිල දී ගැනීමට අවසර දිය යුතු ය. එහෙත්, ඔහුට ඇය විදේශිකයෙකුට විකිණීමට බලයක් නොමැත. මන්ද, එසේ කිරීම ඇයට කරන අසාධාරණයක් බැවිනි.


නැවතත් සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:


මා ජනයන් අතරෙන් ඔවුන් නැවත ගෙනවුත්, ඔවුන්ගේ සතුරන්ගේ දේශවලින් ඔවුන් රැස් කොට, මා සුවිශුද්ධ බව ඔවුන් කරණකොටගෙන බොහෝ විජාතීන් ඉදිරියෙහි ඔප්පු වූ විට,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්