Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 13:6 - Sinhala New Revised Version 2018

6 සමිඳාණන් වහන්සේ ඔවුන් නොඑවූ නමුත්, ඔව්හු, ‘සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි කියති. ඔවුන්ගේ දර්ශන බොරු ය; ඔවුන්ගේ පේන කීම් මුසාවෝ ය. එහෙත්, ඒවා ඉටු වේ යයි ඔව්හු බලාපොරොත්තු වෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 සමිඳාණන් වහන්සේ ඔවුන් නොඑවූ නමුත්, ඔව්හු, ‘සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි කියති. ඔවුන්ගේ දර්ශන බොරු ය; ඔවුන්ගේ පේන කීම් මුසාවෝ ය. එහෙත්, ඒවා ඉටු වේ යයි ඔව්හු බලාපොරොත්තු වෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 ස්වාමීන්වහන්සේ ඔවුන් නොඑවූ නුමුත් ඔව්හු: ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියා නිෂ්ඵල කාරණා දැක, බොරු පේන කියා, වචනය ස්ථිර කරන්ට බලාපොරොත්තුවුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 13:6
28 හුවමාරු යොමු  

එහි දිවැසිවරු ද මායම්කාර දර්ශන දැක, බොරු පේන පවසා, සමිඳාණන් වහන්සේ කතා නොකළ නමුත්, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක’ කියා බිත්තියක හුණු ගාන්නාක් මෙන් සිය පාප වසන් කරගත්හ.


ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹලා අතරෙහි සිටින නුඹලාගේ දිවැසිවරුන්ට ද පේන කියන්නන්ට ද නොරැවටෙන්න; ඔවුන් දකින සිහින ගණනකට නොගන්න.


තවද, ජෙරමියා හනනියාට මෙසේ කීවේ ය: “හනනියා, සවන් දෙන්න. සමිඳාණන් වහන්සේ ඔබ එවා වදාළේ නැත. මිථ්‍යා මතයන් කෙරෙහි විශ්වාසය තබන්නට ඔබ මේ සෙනඟට සැලැසුවෙහි ය.


නුඹලා දකින දර්ශන බොරු ය; නුඹලා පවසන දිවැස් වැකි මුසාවකි; නුඹලා නපුරු ය; දුෂ්ට ය. නුඹලාට නියම දිනය පැමිණෙන්නේ ය. එනම්, අන්තිම දඬුවම් දීමේ දවස පැමිණෙන්නේ ය.


‘බබිලෝනියේ රජ ඔබට වත්, මේ දේශයට වත් විරුද්ධ ව නොඑන්නේ යැ’යි ඔබට දිවැස් වැකි කීවාවූ ඔබේ දිවැසිවරයා ඉතින් කොයි ද?


පිළිම අයැදීමෙන් මිනිසුන්ට නිසරු බොරු පිළිතුරු ලැබෙන නිසා ද පේන කියන්නන් මිනිසුන් නොමඟ යවන නිසා ද ස්වප්න දකින්නන් හිස් සැනසිල්ලක් ගෙන දෙන නිසා ද සෙනඟ බැටළුවන් මෙන් ඉබාගාතේ ඇවිදිති. එඬේරෙකු නැති නිසා ම ඔව්හු දුකට පත් වී සිටිති.


සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක: “දිවැසිවරු මාගේ නාමයෙන් බොරු දිවැස් වැකි කියති. මා ඔවුන් එව්වේ වත්, ඔවුන්ට අණ කෙළේ වත්, ඔවුන්ට කතා කෙළේ වත් නැත. ඔවුන් ප්‍රකාශ කරන්නේ බොරු දර්ශන ය. වැඩකට නැති පේන කීම් ය; සිතින් මවාගත් වංචනික දේ ය.


ඔව්හු අහංකාර නිෂ්ඵල වචන දොඩමින්, වරදෙහි වසන්නන් කෙරෙන් යන්තම් ගැළවී යන අය, කාම තෘෂ්ණාවෙන් පොළඹවා ගනිති.


ඔවුන් අසත්‍ය දේ විශ්වාස කරන පිණිස, ඔවුන් තුළ ක්‍රියා කිරීමට දෙවියන් වහන්සේ මුළාවේ බලය එවන සේක.


බොහෝ දෙනෙක් මාගේ නාමයෙන් අවුත්, ‘මම එතුමා ය’ කියා බොහෝ දෙන මුළා කරන්නාහ.


ඔවුන් කරගෙන තිබුණ ගිවිසුම් නිසා, මේ පේන කීම බොරුවකැ යි ජෙරුසලම් වැසියෝ සිතති. එහෙත්, ඔවුන් සතුරන්ට අසු වන පිණිස උන් වහන්සේ ඔවුන්ගේ අයුතුකම සිහිපත් කරන සේක.


මා කතා නොකළ නමුත්, සමිඳාණන් වහන්සේ වදාරන සේකැ යි නුඹලා කියන විට නුඹලා දුටුවේ නිෂ්ඵල දර්ශනයක් නොවේ ද? පැවසුවේ බොරු පේන කීමක් නොවේ ද?


ඔබේ දිවැසිවරු බොරු නිෂ්ඵල දර්ශන ඔබට දැක්වූ හ; ඔව්හු ඔබේ වහල්කම පහ කිරීමට ඔබේ අපරාධ කිසි දා එළිදරව් නොකළහ. ඔබ උදෙසා ඔවුන් දුටු දර්ශන බොරු ය, රැවටිලි සහිත ය, වංචනික ය.


“බබිලෝනියේ සිටින සියලු හිරකරුවන්ට පණිවුඩයක් යවමින්, ෂෙමායා පිළිබඳ ව සමිඳාණන් වහන්සේ වදාළ මේ දේ ද දන්වන්නැ”යි වදාළ සේක.


“ඉශ්රායෙල්හි සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි ඔහු කී ය: “බබිලෝනියේ රජුගේ බලය මම බිඳදැමීමි.


නූගතා තමාට ඇසෙන සැම දෙය ම විශ්වාස කරයි; උගතා තම පියවර හොඳින් විමසා බලයි.


මෙසේ රජ මරණයට පත් වූ පසු ඔහු සමාරියට ගෙන ගොස්, සමාරියේ තැන්පත් කරන ලදී.


‘ඔබ මොහු හිරගෙහි ලා මා සාමදානයෙන් එන තුරු මොහුට රොටි සහ වතුර හැර කිසිවක් නොදිය යුතු යයි රජ කියන්නේ ය’ කියා දන්වන්නැ”යි කී ය.


එවිට ඉශ්රායෙල් රජ දිවැසිවරුන් වන හාරසියයක් පමණ මිනිසුන් රැස් කොට, “මම රාමොත්-ගිලියද්ට විරුද්ධ ව යුද්ධයට යම් ද නොයම් දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. ඔව්හු කතා කොට, “ගිය මැනව, මන්ද, සමිඳාණන් වහන්සේ එය රජු අතට පාවා දෙන සේකැ”යි කීවෝ‍ ය.


දිවැසිවරු සත්‍යය කතා නොකරති; පූජකයෝ සිය මතයෙන් ආණ්ඩු කරති; මාගේ සෙනඟ මේවාට ප්‍රිය කරති. එහෙත්, මේ සියල්ල අවසානයේ දී ඔව්හු කුමක් කරත් ද?”


“සියලු බලැති සමිඳාණන් වහන්සේ ජෙරුසලමේ සෙනඟට මෙසේ වදාරන සේක: දිවැසිවරුන් බොරු බලාපොරොත්තුවලින් නුඹලා පුරවා ඇති නිසා ඔවුන්ට සවන් නොදෙන්න. ඔවුන් නුඹලාට කියන්නේ, තමන්ගේ සිතෙන් මවාගත් දේ මිස මා ඔවුන්ට කී දේ නොවේ.


දිවැසිවරු සියල්ලෝ එලෙස ම දිවැස් වැකි කියමින්, “රාමොත්-ගිලියද්ට ගොස් ජය ගත මැනව. මන්ද, සමිඳාණන් වහන්සේ එය රජු අතට පාවා දෙන සේකැ”යි කී හ.


ඔහු රජු ළඟට ආ කල රජු ඔහුට කතා කොට, “මීකායා, අපි රාමොත්-ගිලියද්ට විරුද්ධ ව යුද්ධයට යමු ද නොයමු දැ”යි ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “ගොස් ජය ගත මැනව, සමිඳාණන් වහන්සේ එය රජු අතට පාවා දෙන සේකැ”යි උත්තර දුන්නේ ය.


එම අවුරුද්දේ ම එනම්, ජුදාහි රජු වූ ශෙදෙකියාගේ රාජ්‍ය කාලයේ සතර වන අවුරුද්දේ පස් වන මාසයේ දී, අස්සුර්ගේ පුත් ගිබියොන්හි පදිංචි දිවැසිවර හනනියා දේව මාලිගාවේ දී පූජකයන් සහ මුළු සෙනඟ ඉදිරියේ ජෙරමියාට කතා කෙළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්