Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 12:23 - Sinhala New Revised Version 2018

23 ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්න. ‘මම මේ ප්‍රස්තාව පිරුළ කීම නවත්වන්නෙමි; එය ප්‍රස්තාව පිරුළක් වශයෙන් ඉශ්රායෙල්හි තවත් ව්‍යවහාර නොවන්නේ ය.’ එසේ ය, ඒ දවස ළං වී ඇති බව ද සියලු දර්ශන ඉටු වන බව ද ඔවුන්ට කියන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්න. ‘මම මේ ප්‍රස්තාව පිරුළ කීම නවත්වන්නෙමි; එය ප්‍රස්තාව පිරුළක් වශයෙන් ඉශ්රායෙල්හි තවත් ව්‍යවහාර නොවන්නේ ය.’ එසේ ය, ඒ දවස ළං වී ඇති බව ද සියලු දර්ශන ඉටු වන බව ද ඔවුන්ට කියන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න: මම මේ උපමාකීම නවත්වන්නෙමි, එය උපමාකීම කොට ඉශ්‍රායෙල්හි තවත් ව්‍යවහාර නොවන්නේය; එසේය, ඒ දවස්ද සියලු දර්ශනවල කාරණාද ළංවී තිබේයයි ඔවුන්ට කියන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 12:23
13 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේගේ මහා දවස ළඟ ය; එය විගසින් ම පැමිණේ. සමිඳාණන් වහන්සේගේ දවසේ ශබ්දය අමිහිරි ය. ඒ දවසේ දී හේවායෝ පවා බියෙන් කෑගසති.


“සියොන්හි හොරණෑව පිඹින්න; දෙවිඳුන්ගේ ශුද්ධ කන්දේ අනතුරු හඬ නඟන්න. දේශයේ සියලු වැසියෝ වෙවුලත් වා! මන්ද, සමිඳාණන් වහන්සේගේ දවස පැමිණේ. එසේ ය, එය ආසන්න ය.


සැබැවින් ම මම ඔබට කියමි, මේ සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහ වී නොයන්නේ ය.


“ඉශ්රායෙල්හි මේ ප්‍රස්තාව පිරුළ මින්පසු කියනු නොලැබේ යයි මහෝත්තම දෙවි ස්වාමීන් වන මම මාගේ නාමයෙන් දිවුරා කියමි.


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “උඩඟු අය ද නපුරු අය ද පිදුරු පෝරණුවක දැවෙන්නාක් මෙන් දැවී යන දවසක් පැමිණෙන්නේ ය. ඒ දවසේ දී කිසිවෙක් ඉතිරි නොවන සේ දැවී යන්නෝ ය.


“මනුෂ්‍ය පුත්‍රය, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ඉශ්රායෙල් දේශය ගැන මෙසේ වදාරන සේක. තීන්දුවක් එනම්, දේශයේ හතර කොණේ ම අවසානය, පැමිණ තිබේ.


මා ඔබට දෙන අනතුරු ඇඟවීම් ගැන ඉතින් සරදම් නොකරන්න. ඔබේ අත්අඩංගු තවත් තද වනු ඇත. මුළු දේශය විනාශ කිරීමට සව් බලැති සමිඳුන් කර ඇති තීරණය මා අසා ඇත.


කුමක් නිසා ද, මම සමිඳාණන් වහන්සේ ය; මා කී දේ කීවා ම ය. එය තවත් පමා නොවී ඉෂ්ට වනු ඇත. එසේ ය, ‘එම්බා කැරලිකාර වංශය! මම නුඹලාගේ ජීවිත කාලයේ දී ම මා පැවසූ දේ ඉටු කරන්නෙමි’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”


සමිඳාණෝ ඔහු ගැන සිනාසෙන සේක; ඔහුගේ අවසානය ළඟ බව දන්න සේක.


“උපමා කියන අය, ‘මව යම් සේ ද දුවත් එසේ ම ය’ යන මේ ප්‍රස්තාව පිරුළ නුඹ ගැන කියනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්