Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 9:10 - Sinhala New Revised Version 2018

10 නුඹලා සමඟ නැවෙන් නික්මුණු සියලු ජීවමාන සතුන් වන, පක්ෂීන්, ගවමහිෂයන් හා මෘගයන් සමඟ ද ගිවිසුමක් පිහිටුවමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 නුඹලා සමඟ නැවෙන් නික්මුණු සියලු ජීවමාන සතුන් වන, පක්ෂීන්, ගවමහිෂයන් හා මෘගයන් සමඟ ද ගිවිසුමක් පිහිටුවමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 නුඹලා වෙත සිටින පණ ඇති සියලු සත්වයන් වූ පක්ෂීන්ද ගවයන්ද නුඹලා සමඟ සිටින පොළොවේ සියලු මෘගයන්ද නැවෙන් පිටව යන පොළොවේ සියලු මෘගයන්ද සමඟත් මාගේ ගිවිසුම පිහිටුවමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 9:10
11 හුවමාරු යොමු  

තමන්ගේ දකුණතත් වමතත් අතරේ වෙනස නොදන්න එක් ලක්ෂ විසි දහසකට වඩා මනුෂ්‍යයන් ද ගවයන් ද සිටින නිනිවය නම් ඒ ශ්‍රේෂ්ඨ නගරය කෙරෙහි මාත් අනුකම්පා කළ යුතු නොවේ දැ”යි වදාළ සේක.


සමිඳාණෝ සියල්ලන්ට කරුණාව පාන සේක; එතුමාණන්ගේ සුමුදු දයාව මවන ලද සියල්ල ද වෙත පැතිරෙයි.


දෙවියන් වහන්සේ නෝවා ද, ඔහු සමඟ නැවේ සිටි සියලු වන මෘගයන් හා ගවමහිෂයන් ද සිහි කර, පොළොව මත සුළඟක් හමන්නට සැලැසූ සේක. ගංවතුර ක්‍රමයෙන් බැස ගියේය.


“මෙන්න, මම නුඹලා සමඟ ද නුඹලාගේ පෙළපත සමඟ ද


නුඹලා සමඟ පිහිටුවන ලද ගිවිසුම වනාහි මින්පසු කවදා වත් ජලගැල්මකින් සියලු ජීවමාන සතුන් විනාශ කරනු නොලබන බවත්, මින්පසු කවදා වත් ජලගැල්මකින් මහ පොළොව වනසනු නොලබන බවත් ය”යි වදාළ සේක.


සියලු මෘගයෝ ද, ගවමහිෂයෝ ද පක්ෂීහු ද උරගයෝ ද තම වර්ගය අනුව රංචු ගැසී නැවෙන් පිටතට ආහ.


විශ්වාසයෙන් නුඹ සරණ පාවා ගතිමි. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹ හැඳිනගන්නෙහි ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්