Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 41:47 - Sinhala New Revised Version 2018

47 සමෘද්ධිමත් වූ අවුරුදු හත තුළ භූමිය ද සුවිශාල අස්වැන්නක් නිපදවිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

47 සමෘද්ධිමත් වූ අවුරුදු හත තුළ භූමිය ද සුවිශාල අස්වැන්නක් නිපදවිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

47 සාරවත්වූ සත් අවුරුද්දෙහි පොළොවෙන් අතිශයින්ම ඵල හටගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 41:47
5 හුවමාරු යොමු  

ඉන්පසු ඊසාක් එම රටෙහි ධාන්‍ය වපුරා එම අවුරුද්දෙහි ම සිය ගුණයක් සරු අස්වැන්නක් නෙළාගත්තේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට ආශීර්වාද කළ සේක.


කඳු මත ගොයම් ලෙළ දේ වා! ධාන්‍ය බහුල ව ඉතිරේ වා! ලෙබනොන්හි මෙන් පලදාව සරුසාර වේ වා! කෙතේ තණ මෙන් වැසියන්ගෙන් නගර සපිරේ වා!


මෙන්න, මුළු මිසර දේශය පුරා ඉතා සරුසාර අවුරුදු හතක් පැමිණෙන්නේ ය.


මිසරයේ රජ වන පාරාවෝගේ සේවයට ජෝසෙප් බැඳෙන විට ඔහුට වයස අවුරුදු තිහකි. ඔහු පාරාවෝ ඉදිරියෙන් නික්ම මුළු මිසර දේශය පුරා නිල චාරිකාවක යෙදිණි.


ඔහු සත් අවුරුද්ද තුළ මිසර දේශයෙහි වූ සියලු ආහාර වර්ග රැස් කොට, ඒවා නගරවල ගබඩා කෙළේ ය. සෑම නගරයක් අවට තිබූ ආහාර ද ඔහු එලෙස ම ගබඩා කොට තැබී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්