Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 40:2 - Sinhala New Revised Version 2018

2 පාරාවෝ රජ කුසලාන පිරිනමන්නන්ගේ ප්‍රධානියා හා රොටි සාදන්නන්ගේ ප්‍රධානියා යන මේ නිලධාරීන් දෙදෙනාට විරුද්ධ ව කිපී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 පාරාවෝ රජ කුසලාන පිරිනමන්නන්ගේ ප්‍රධානියා හා පූප සාදන්නන්ගේ ප්‍රධානියා යන මේ නිලධාරීන් දෙදෙනාට විරුද්ධ ව කිපී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 ඵාරාවෝ තමන් ඇමතියන් දෙදෙනාවූ කුසලාන දරන්නන්ගේ නායකයා කෙරෙහිද පූප සාදන්නන්ගේ නායකයා කෙරෙහිද උදහස්ව

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 40:2
11 හුවමාරු යොමු  

රජුගේ උදහස මාර දූතයෙකු වැන්න, නැණවතා ඒ උදහස සංසිඳුවයි.


හෙරොද්, තීර් සහ සීදොන් වැසියන් කෙරෙහි දැඩි කෝපයෙන් සිටියේ ය. එහෙත් ඔව්හු එක්සිත් ව ඔහු වෙතට පැමිණ, රජවාසල නිලමේ වූ බ්ලාස්තුස්ගේ සිත දිනා ගෙන, සාමදානය ඉල්ලුවෝ ය. මක්නිසා ද යත්, ඔවුන්ගේ රටට ආහාර ලැබුණේ ඒ රජුගේ රටින් ය.


කෝපය කුරිරු ය; ක්‍රෝධය රුදුරු ය; එහෙත් ඊර්ෂ්‍යාව ඉවසිය හැක්කේ කාට ද?


වහා කිපෙන අය දඬුවම් විඳිනු ඇත; ඔබ ඔහු වරක් මිදුවත් නැවත නැවත එය කිරීමට සිදු වේ.


රජුගේ උදහස සිහ රදෙකුගේ ගර්ජනාව වැනි ය, ඔහුගේ කරුණාව තණ මත පිනි බිඳු වැනි ය.


මිනිසාගේ උදහසින් පවා ඔබේ මහිමය වැඩි වන්නේ ය. ඒ උදහසින් මිදෙන අය ඔබේ මංගල්‍යය පවත්වන්නෝ ය.


මිදි වතු කෙරෙහි රාමාතීය ෂිමෙයි පත් ව සිටියේ ය. මිදි වතුවල තිබුණු මුද්‍රික ගබඩා කෙරෙහි ෂිප්මිය ශබ්දී පත් ව සිටියේ ය.


මීට ස්වල්ප කලකට පසු මිසරයේ රජුගේ කුසලාන පිරිනමන්නා හා රොටි සාදන්නා ඔවුන්ගේ ස්වාමියා වන මිසරයේ රජතුමාට විරුද්ධ ව වැරදි කොට තිබිණි.


කුසලාන පිරිනමන්නන්ගේ ප්‍රධානියා යළි එම නිලයට ම පත් කෙළේ ය. ඔහු පාරාවෝ අතට කුසලාන පිරිනැමී ය.


එහෙත් කුසලාන පිරිනමන්නා නම් ජෝසෙප් ගැන නොසිතා ඔහු අමතක කර දැමී ය.


ඔබතුමා ඔබේ නිලධාරීන් සමඟ කිපී, මා සහ රොටි සාදන්නන්ගේ ප්‍රධානියා මුර සෙන්පතිගේ නිවසෙහි වූ හිරගෙයි දැමුවෙහි ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්