Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 4:22 - Sinhala New Revised Version 2018

22 ශිල්ලාට ද තුබල්-කායින් උපන්නේ ය. මොහු ලෝකඩ සහ යකඩ උපකරණ සාදන සියලු ලෝකුරුවන්ගේ ආදි පියා ය. තුබල්-කායින්ගේ සහෝදරී නාමා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ශිල්ලාට ද තුබල්-කායින් උපන්නේ ය. මොහු ලෝකඩ සහ යකඩ උපකරණ සාදන සියලු ලෝකුරුවන්ගේ ආදි පියා ය. තුබල්-කායින්ගේ සහෝදරී නාමා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 ශිල්ලාද තූබල්-කායින් වැදුවාය, ඔහු සියලු ආකාර පිත්තල සහ යකඩ ආයුධ තනන ලෝකුරුවා වූයේය. තූබල්-කායින්ගේ සහෝදරී නාමාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 4:22
7 හුවමාරු යොමු  

ඉතින් මාගේ පිය දාවිත් සපයා දුන්, ජුදාහිත්, ජෙරුසලමෙහිත් මා ළඟ සිටින දක්ෂ ප්‍රඥාවන්ත මිනිසුන් සමඟ රන්, රිදී, ලෝකඩ, යකඩ වැඩත්, නිල් පාට, දම් පාට, තද රතු පාට නූල් වැඩත් වන සියලු ආකාර කැටයම් වැඩ කරන්න දන්න මිනිසෙකු මට එවුව මැනව.


ඔබ දොරටු අගුල් යකඩ සහ ලෝකඩින් වේ වා! දිවි ඇති තාක් බලයෙන් වෙසේ වා!


හිඟයක් නැතිව කෑමට ආහාර ද, ඔබට අවශ්‍ය සියල්ල ද ඇති රටකි. එහි පර්වතවල යබොර ඇත, එහි කඳුවැටියෙන් තඹ කැණගන්නට පුළුවන.


‘ගින්නෙන් පිළිස්සී නොයන රන්, රිදී, ලෝකඩ, යකඩ සහ ඊයම් වැනි දේවල් ගින්නේ දවාගත් විට ඒවා පවිත්‍ර යයි සැලකෙනු ඇත. එහෙත්, අපවිත්‍රකම පහකරන ජලයෙනුත් ඒවා, පවිත්‍ර කළ යුතු ය. ගින්නෙන් පිළිස්සී යන අනිකුත් ඒවා ජලයේ දමා ගත යුතු ය.


ඔවුන්ගෙන් ගත යුතු පඬුරු නම් රන්, රිදී සහ ලෝකඩ ද,


මොහුගේ සහෝදරයාගේ නම ජුබාල් ය; ඔහු වීණා වයන, නළා පිඹින සියලු සංගීතකරුවන්ගේ ආදි පියා ය.


ලාමෙක් සිය භාර්යාවන්ට කතා කොට, “ආදා හා ශිල්ලා මට සවන් දෙන්න. මා බිරිඳෙනි, මා බසට කන් යොමන්න. මිනිසෙක් මට පහර දුනි, මම ඔහු මරාදැමීමි. තරුණයෙක් මට තුවාළ කෙළේ ය, මම ඔහුත් මරාදැමීමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්