Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 4:17 - Sinhala New Revised Version 2018

17 කායින් සිය භාර්යාව සමඟ එක් විය. ඈ පිළිසිඳ ඒනොක් නම් දරුවා ලැබුවා ය. කායින් ද නුවරක් ඉදි කර තම පුත්‍රයාගේ නාමය අනුව ඊට ඒනොක් යයි නම් තැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 කායින් සිය භාර්යාව සමඟ එක් විය. ඈ පිළිසිඳ ඒනොක් නම් දරුවා ලැබුවා ය. කායින් ද නුවරක් ඉදි කර තම පුත්‍රයාගේ නාමය අනුව ඊට ඒනොක් යයි නම් තැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 කායින් තමාගේ භාර්යාව හැඳින්නේය; ඈ ගර්භිණීව ඒනොක් බිහිකළාය. ඔහු නුවරක් ගොඩනගා, තමාගේ පුත්‍රයාගේ නම ලෙස ඊට ඒනොක් යන නම තැබීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 4:17
11 හුවමාරු යොමු  

වරක් ඔවුන්ගේ ම නමින් ගම්බිම් තිබුණ නමුත්, දැන් ඔවුන්ගේ ගෙවල් සදහට ම සොහොන් ගෙවල් වී ඇත. ඔවුන් එහි සදහට ම වාසය කරනු ඇත.


අබ්සලොම් ජීවත් ව සිටිය දී, “මාගේ නාමය සිහිපත් කරවන්නට මට පුත්‍රයෙක් නැතැ”යි රජුගේ මිටියාවතේ තිබෙන කණුව තමා සිහි වීම උදෙසා පිහිටුවා, ඊට තමාගේ නම තැබුවේ ය. අද දක්වා ඊට ‘අබ්සලොම් ටැඹ’ යයි කියනු ලැබේ.


එවිට ඔව්හු කතා කොට, “එන්න, අපි අහස උසට නඟින කොතක් ඇති නගරයක් අපට ම ගොඩනඟා, කීර්තිමත් වෙමු. නැත්නම් මිහි පිට අපට සීසීකඩ විසිර යන්නට සිදු වනු ඇතැ”යි කී හ.


මෙතුසෙලා උපන් පසු ඒනොක් දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසිරෙමින් තව අවුරුදු තුන්සියයක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්හ.


ජරෙද්ට වයස අවුරුදු එකසිය හැටදෙකක් වූ විට ඔහුට දාව ඒනොක් උපන්නේ ය.


එවිට කායින් සමිඳාණන් වහන්සේ වෙතින් අහක් ව ගොස් ඒදන් උයනට පෙරදිගින් පිහිටි “නොද්” ප්‍රදේශයේ පදිංචි විය.


ඒනොක්ට ඊරාද් නම් පුතෙක් උපන්නේ ය. ඊරාද්ට දාව මෙහුයායෙල් ද, මෙහුයායෙල්ට දාව මෙතුෂායෙල් ද, මෙතුෂායෙල්ට දාව ලාමෙක් ද උපන්නෝ ය.


කොතරම් උසස් මිනිසෙකුට වුව ද මරණින් වැළකිය නොහැකි ය. ඔහු ද මියයන තිරිසනුන් හා සමාන ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්