Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 39:17 - Sinhala New Revised Version 2018

17 ඔහුට ද ඈ එම කතාව කියමින්, “අප වෙත ඔබ ගෙනා හෙබ්‍රෙව් ජාතික සේවකයා, මට නිග්‍රහ කිරීමට මා ළඟට පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 ඔහුට ද ඈ එම කතාව කියමින්, “අප වෙත ඔබ ගෙනා හෙබ්‍රෙව් ජාතික සේවකයා, මට නිග්‍රහ කිරීමට මා ළඟට පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 මේ වචන ප්‍රකාරයටම ඈ ඔහුට කථාකරමින්: නුඹ අප වෙතට ගෙනාවාවූ හෙබ්‍රෙව් වැඩකාරයා මට නින්දාකරන්ට මා ළඟට ආයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 39:17
15 හුවමාරු යොමු  

තම ගෘහයේ සේවකයන් කැඳවා, ඔවුන්ට කතා කරමින්, “බලන්න, මාගේ සැමියා අපට අවමන් කිරීමට අප වෙත හෙබ්‍රෙව් ජාතිකයෙකු ගෙනාවේ ය. මා සමඟ සයනය කිරීමට ඔහු මා ළඟට පැමිණියේ ය, මම ද මහ හඬින් කෑගැසුවෙමි.


මෙසේ කියා තම ස්වාමි පුරුෂයා එන තුරු, ඈ ඔහුගේ වස්ත්‍රය තමා ළඟ තබාගත්තා ය.


මා මහ හඬින් කෑගැසූ විට ඔහු තම වස්ත්‍රය මා වෙත හැරදමා පලා ගියේ ය”යි සැළ කළා ය.


තවද, ආහබ් රජ එලියා දුටු විට, ඔහුට කතා කොට, “ඉශ්රායෙල් ජනයා කළඹන තැනැත්තේ ඔබ දැ”යි ඔහුගෙන් ඇසී ය.


දුගී දුප්පතුන් හෙළා දමන පිණිස ද අවංක අය වනසන පිණිස ද දුදනෝ කඩුව ඇද, දුන්න තැත් කවාගෙන සිටිති.


සතුරාගේ ගෝරනාඩුවෙන් ද දුදනාගේ පීඩනයෙන් ද මම තැතිගනිමි. ඔව්හු මා පිට කරදර පටවා මට සතුරුකම් කරන්නෝ ය.


“නුඹේ අසල්වැසියාට විරුද්ධ ව බොරු සාක්ෂි නොකියව.


“නුඹලා අසත්‍ය ප්‍රකාශයක් නොකළ යුතු ය. බොරු සාක්ෂි දෙමින් වරදකරුවෙකුට උදව් නොකළ යුතු ය.


ඇත්ත කියන කට සදහට ම ස්ථිර ව ඇත; බොරු කියන දිව එක මොහොතකට පමණි.


බොරු සාක්කි කියන්නාට දඬුවම් නියත ය; මුසාවාද දෙසන්නාට නිදහස් වීමක් නැත.


බොරු සාක්කිකරුට දඬුවම නියත ය; මුසාවාදය දෙසන්නාට විපත සිකුරු ය.


මුසා බස් දොඩන්නා ඉන් හානි වූවන්ට වෛර කරයි, ඉච්චා බස් දොඩන්නා විනාශය ගෙන දෙයි.


එවිට උත්තම පූජකයා සන්තාපයෙන් යුතු ව තමාගේ වස්ත්‍ර ඉරාගෙන මොහු දේවාපහාසයක් කෙළේ ය. තවත් අපට සාක්ෂිකාරයන්ගෙන් වැඩක් නැත, මොහුගේ දේවාපහාසය දැන් ඔබට ඇසුණේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්