Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 34:25 - Sinhala New Revised Version 2018

25 තුන් දිනකට පසු, ඔවුන් තවමත් තුවාළවලින් වේදනා විඳින කල්හි, ජාකොබ්ගේ පුතුන් දෙදෙනෙකු වන, සිමියොන් සහ ලෙවී යන දීනාගේ සහෝදරයෝ, තම කඩු රැගෙන, රහසින් නුවරට වැද, සියලු පිරිමින් මරාදැමූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 තුන් දිනකට පසු, ඔවුන් තවමත් තුවාළවලින් වේදනා විඳින කල්හි, ජාකොබ්ගේ පුතුන් දෙදෙනෙකු වන, සිමියොන් සහ ලෙවී යන දීනාගේ සහෝදරයෝ, තම කඩු රැගෙන, රහසින් නුවරට වැද, සියලු පිරිමින් මරාදැමූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 තවද තුන්වෙනි දින ඔවුන් ගායව සිටි කල්හි යාකොබ්ගේ පුත්‍රයන්ගෙන් දෙදෙනෙක් වූ දීනාගේ සහෝදරයෝ වූ සිමියොන්ද ලෙවීද තමුන්ගේ කඩු රැගෙන හදිසියෙන් නුවරට වැද සියලු පිරිමින් මැරුවාහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 34:25
10 හුවමාරු යොමු  

නපුරක් නොකළොත්, දුදනන්ට නින්දක් නැත; යමෙකු පාගා නොදැමුවොත්, ඔවුන්ට නින්දක් නැත.


එහෙත්, හෙසකියා තමාට ලැබුණු කරුණාවේ හැටියට කෘතඥ නොවී සිතින් උඩඟු විය. ඒ නිසා ඔහු පිට ද ජුදා සහ ජෙරුසලම පිට ද උදහස පැමිණියේ ය.


මුළු සෙනඟ චර්මඡේදනය කර නිම වූ කල, ඔව්හු සුව වන තුරු කඳවුරේ නැවතී සිටියෝ ය.


ඉශ්රායෙල් ජනයා සතළිස් අවුරුද්දක් මුළුල්ලේ පාළුකරයෙහි ගමන් කළෝ ය. ඒ කාලය තුළ දී මිසරයෙන් පිටත් ව ආ සියලු භට සෙනඟ සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවූ බැවින් මියගියහ. මෙසේ වූයේ, අපට දෙන හැටියට සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුරුම් දුන්, කිරෙන් හා මීපැණියෙන් ඉතිරෙන දේශය දකින්නට ඔවුන්ට ඉඩ නාරින ලෙස උන් වහන්සේ දිවුළ නිසා ය.


දැන් ඉතින් කුඩාවූවන් අතර සියලු පිරිමි දරුවන් ද මිනිසෙකු සමඟ සයනය කළ සෑම ස්ත්‍රියක ද මරන්න.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔව්හු මිදියන්වරුන්ට විරුද්ධ ව සටන් කොට සියලු පිරිමින් මරාදැමූ හ.


තවද, ඔව්හු හාමොර් සහ ඔහු පුත් ෂෙකෙම් ද කඩු පහරින් මරා, ෂෙකෙම්ගේ ගෙයින් දීනා රැගෙන පිට වී ගියහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්