Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 32:27 - Sinhala New Revised Version 2018

27 එවිට ඒ තැනැත්තා, “ඔබේ නම කුමක් දැ”යි ඇසූ විට ඔහු ද, “ජාකොබ්” යයි කීයෙන්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 එවිට ඒ තැනැත්තා, “ඔබේ නම කුමක් දැ”යි ඇසූ විට ඔහු ද, “ජාකොබ්” යයි කීයෙන්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

27 නුඹේ නම මොකදැයි උන්වහන්සේ ඔහුගෙන් ඇසූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 32:27
7 හුවමාරු යොමු  

ඒ තැනැත්තා ද, “පහන් වේගන එන බැවින් මට යන්න හරින්නැ”යි කී විට ජාකොබ්, “ඔබ මට ආශීර්වාද කළොත් මිස මම ඔබට යන්න නොහරින්නෙමි”යි උත්තර දුනි.


“මින්මතු ඔබ ජාකොබ් නොවනු ඇත. ඔබ දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයා සමඟ පොරබදා ජයගත් බැවින් ඔබේ නම ඉශ්රායෙල් වන්නේ ය”යි කී ය.


උන් වහන්සේ ඔහුට කතා කොට, “නුඹේ නම ජාකොබ් ය. එහෙත් මින්පසු නුඹේ නම ජාකොබ් යයි හඳුන්වනු නොලැබ, නුඹේ නම ඉශ්රායෙල් වන්නේ ය”යි වදාළ නිසා ඔහුට ඉශ්රායෙල් යන නම තබන ලදී.


එහෙත්, ළමයාගේ මවු, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ජීවත් ව සිටින ඔබේ නාමයෙන් ද මම ඔබ අත්හැර නොයමි”යි දිවුරා කීවා ය. එවිට ඔහු පිටත් වී ඈ පසුපස ගියේ ය.


ජාබෙශ් ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට යාච්ඤා කොට, “අහෝ, ඔබ මට ආශීර්වාද කර, මාගේ සීමාව විශාල කර, ඔබේ අතින් මට පිහිට වී, මට දුක් නූපදින ලෙස විපතෙන් මා ආරක්ෂා කළ මැනව”යි කීවේ ය. දෙවියන් වහන්සේ ද ඔහුගේ ඉල්ලීම ඉෂ්ට කළ සේක.


විපත්ති දවසේ දී හිමිතුමාණෝ ඔබට පිළිතුරු දෙන සේක් වා! ජාකොබ්ගේ දෙවිඳාණෝ ඔබට බලකොටුවක් වන සේක් වා!


ජාකොබ්ට මෙසොපොතේමියාවට පලා යන්නට සිදු විය. එහි දී භාර්යාවක ලබාගන්න පිණිස සේවය කරමින් බැටළුවන් බලාගත්තේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්