Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 31:9 - Sinhala New Revised Version 2018

9 මෙලෙස දෙවියන් වහන්සේ ඔබේ පියාගේ සතුන් රැගෙන මට දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 මෙලෙස දෙවියන් වහන්සේ ඔබේ පියාගේ සතුන් රැගෙන මට දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 මෙසේ දෙවියන්වහන්සේ නුඹලාගේ පියාගේ ගවයන් අරගන මට දුන්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 31:9
9 හුවමාරු යොමු  

“ජාකොබ් අපේ පියා සතු සියල්ල පැහැරගත්තේ ය. අපේ පියා සතු දෙයින් ඔහු තම සියලු සම්පත් ලබා ගත්තේ ය” කියා ලාබන්ගේ පුතුන් කියනු ජාකොබ්ට ඇසිණි.


තවද, දෙවියන් වහන්සේ අපේ පියාගෙන් රැගත් සියලු සම්පත අපේ ය; අප දරුවන්ගේ ය. දැන් ඉතින් දෙවියන් වහන්සේ යමක් ඔබට වදාළ සේක් නම් එය ඉටු කරන්නැ”යි කීවෝ ය.


මා සන්තක දෙයින් මා කැමැති දෙයක් කිරීමට මට අයිතියක් තිබෙනවා නොවේ ද? මා කාරුණික බැවින් ඔබ ඊර්ෂ්‍යා වන්නේ මන්දැ’යි ඇසී ය.


සුදනන්ගේ වස්තුව සිය පරපුරට උරුම වෙයි: දුදනන්ගේ වස්තුව සුදනන්ට හිමි වෙයි.


වනයේ වසන සියලු සත්තු මාගේ ය; දහසක් කඳුවල වසන ගවයෝත් මාගේ ය;


“තවද සතුන් ගැබ්ගන්න කාලයේ දී මම සිහිනෙන්, නෙත් යොමා බැලූ විට මෙවැන්නක් දිටිමි: එනම්, දෙනුන් සමඟ පට්ටි ගසන බැටළුවෝ සියල්ලෝ ම වයිරම් වැටුණු, පුල්ලි සහ තිත් ඇත්තෝ වූ හ.


මෙසේ ඒ සත්තු, දඬු ඉදිරියෙහි පට්ටි ගැසී, ගැබ්ගෙන, වයිරම් වැටුණු, තිත් සහ පුල්ලි ඇති පැටවුන් බිහි කළහ.


එළු දෙනුන් දෙසියයක් ද එළුවන් විස්සක් ද බැටළු දෙනුන් දෙසියයක් ද බැටළුවන් විස්සක් ද


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්