Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 30:15 - Sinhala New Revised Version 2018

15 ඈ රාකෙල්ට උත්තර දෙමින්, “ඔබ මාගේ සැමියා පාවාගත්තා මදි ද? දැන් මා පුතුන්ගේ දුදායිම් පැළ ටිකත් පැහැරගන්න ද යන්නේ” කියා කීවා ය. එවිට රාකෙල් ද, “හොඳයි, එසේ නම් ඔබ පුතුන්ගේ දුදායිම් පැළ මට දුන්නොත් අද රාත්‍රියේ මාගේ සැමියා සමඟ ඔබට සැතපෙන්නට පුළුවනැ”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ඈ රාකෙල්ට උත්තර දෙමින්, “ඔබ මාගේ සැමියා පාවාගත්තා මදි ද? දැන් මා පුතුන්ගේ දුදායිම් පැළ ටිකත් පැහැරගන්න ද යන්නේ” කියා කීවා ය. එවිට රාකෙල් ද, “හොඳයි, එසේ නම් ඔබ පුතුන්ගේ දුදායිම් පැළ මට දුන්නොත් අද රාත්‍රියේ මාගේ සැමියා සමඟ ඔබට සැතපෙන්නට පුළුවනැ”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 ඈ: නුඹ මාගේ පුරුෂයා පැහැරගත්තා මදිවාට මාගේ පුත්‍රයාගේ දුදායිම් ගෙඩිත් ගන්ට හදනවාදැයි කීවාය. එවිට: නුඹේ පුත්‍රයාගේ දුදායිම් දුන්නොත් හෙතෙමේ අද රාත්‍රියෙහි නුඹ සමඟ සයනයකරන්නේයයි රාඛෙල් කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 30:15
7 හුවමාරු යොමු  

මේ පාළුකරයේ අප මරා දමනු පිණිස, කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන රටකින් අප පිටතට ගෙන ඒමෙන් ඔබ කෙළේ සුළු අපරාධයක් ද? දැන් ඔබට උවමනා වී ඇත්තේ අප පාලනය කරන්නට ද?


එහෙත් ඔබ විසින් හෝ මනුෂ්‍ය අධිකරණයකින් හෝ මා විනිශ්චය කරනු ලැබීම, මා සලකන්නේ ඉතා සුළු දෙයක් ලෙස ය. තවද, මම මා ම විනිශ්චය කර නොගනිමි.


එහෙත්, නුඹ ඔවුන් ගිය මාර්ගයෙන් යෑමෙන් වත්, ඔවුන් කළ පිළිකුල් ක්‍රියා කිරීමෙන් වත් සෑහීමට නොපැමිණ නොබෝ කලකින් ඔවුන්ටත් වඩා නුඹේ කල්ක්‍රියාවෙන් දුෂ්ටකම් කෙළෙහි ය.


එයට යෙසායා මෙසේ පිළිතුරු දුන්නේ ය: “එම්බා දාවිත්ගේ වංශය, දැන් සවන් දෙන්න; නුඹලා මාගේ දෙවියන් වහන්සේගේ ඉවසීම වෙහෙසන්නේ, නුඹලා මනුෂ්‍යයන්ගේ ඉවසීම වෙහෙසනවා මදිවාට ද?


තිරිඟු අස්වැන්න නෙළන කාලයේ දී රූබන් කෙතට ගොස්, එහි, දුදායිම් නම් පැළ කීපයක් සොයාගෙන විත් තම මව වන ලෙයාට දුනි. එවිට රාකෙල් ඈට කතා කොට, “කරුණාකර, මට ඔබේ පුත්‍රයා ගෙනා දුදායිම් පැළවලින් ටිකක් දෙන්නැ”යි කීවා ය.


සවස් කාලයේ දී ජාකොබ් කෙතේ සිට එන විට, ලෙයා ඔහු හමුවීමට ගොස්, “ඔබ මා වෙත පැමිණිය යුතු ය. මා පුතුන්ගේ දුදායිම් පැළ දීමෙන් මම ඔබ කුලියට ගත්තෙමි”යි ඈ කීවෙන් එදා රාත්‍රියේ ඔහු ඈ සමඟ සැතපුණේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්