Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 29:4 - Sinhala New Revised Version 2018

4 ජාකොබ් එඬේරුන් අමතා, “සහෝදරයෙනි, ඔබ කොහේ සිට ආවහු දැ”යි ඇසූ විට, “අපි හාරාන් දේශයෙන් ය”යි ඔව්හු කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ජාකොබ් එඬේරුන් අමතා, “සහෝදරයෙනි, ඔබ කොහේ සිට ආවහු දැ”යි ඇසූ විට, “අපි හාරාන් දේශයෙන් ය”යි ඔව්හු කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 එවිට යාකොබ්: මාගේ සහෝදරයිනි, නුඹලා කොතැනින් ආවහුදැයි ඔවුන්ගෙන් ඇසුවේය. අපි හාරාන් සිට ආවෙමුයයි ඔව්හු කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 29:4
7 හුවමාරු යොමු  

තේරා තමාගේ පුත්‍රයා වන ආබ්‍රම් ද තම මුණුබුරා වන ලොත් ද ආබ්‍රම්ගේ බිරිඳ වූ, තම ලේලි වන සාරයි ද කැඳවාගෙන ඔවුන් සමඟ කානාන් දේශය බලා යන පිණිස ඌර් නම් කල්දිවරුන්ගේ නුවරින් පිටත් විය. එහෙත්, ඔව්හු හාරාන් දක්වා ගොස් එහි පදිංචි වූ හ.


ඉන්පසු මෙහෙකරුවා, තම ස්වාමියාට අයත් ඔටුවන්ගෙන් දස දෙනෙකු ද, ඔහු සතු සම්පතින් ඉස්තරම් කොටසක් ද රැගෙන පිටත් ව ගොස්, මෙසොපොතේමියේ නාහෝර් නම් නගරයට පැමිණියේ ය.


එබැවින් දැන් ඉතින් පුතේ, නැඟිට හාරාන්හි මාගේ සහෝදර ලාබන් වෙත පලායන්න,


ජාකොබ් බෙයර්-ෂෙබායෙන් නික්ම හාරාන් බලා ගියේය.


බැටළු රැළවල් සියල්ල ම එතැනට එකතු වූ විට, එඬේරු ළිං කටින් ගල පෙරළා බැටළුවන්ට වතුර දුන් පසු, ළිං කටේ තිබූ තැන ම ගල නැවත තැබූ හ.


ස්තේපන් මෙසේ පිළිතුරු දුනි: “සහෝදරවරුනි, පියවරුනි, සවන් දෙන්න. අපගේ පිය වූ ආබ්‍රහම් හාරාන්හි පදිංචි වන්නට පෙර මෙසොපොතේමියාවේ සිටි කාලයෙහි, මහිමාන්විත දෙවියන් වහන්සේ ඔහුට පෙනී,


එවිට ඔහු කල්දීයයන්ගේ දේශයෙන් නික්ම ගොස් හාරාන්හි පදිංචි විය. ඔහුගේ පියාගේ ඇවෑමෙන් දෙවියන් වහන්සේ ඔහු එතැනින් ඉවත් කොට ඔබ දැන් වසන මේ දේශයට ගෙනා සේක;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්