Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 28:4 - Sinhala New Revised Version 2018

4 තවද, උන් වහන්සේ ආබ්‍රහම්ට දුන්, නුඹ දැන් විදේශිකයෙකු ව වසන රට, නුඹට උරුම වන පිණිස, ආබ්‍රහම්ගේ ආශීර්වාදය නුඹටත් නුඹේ පෙළපතටත් දානය කරන සේක් වා”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 තවද, උන් වහන්සේ ආබ්‍රහම්ට දුන්, නුඹ දැන් විදේශිකයෙකු ව වසන රට, නුඹට උරුම වන පිණිස, ආබ්‍රහම්ගේ ආශීර්වාදය නුඹටත් නුඹේ පෙළපතටත් දානය කරන සේක් වා”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට දුන්නාවූ නුඹ විදේශීව සිටින්නාවූ දේශය නුඹට උරුමවෙන පිණිස නුඹටත් නුඹේ වංශයටත් ආබ්‍රහම්ගේ ආශීර්වාදය දෙනසේක්වයි ඔහුට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 28:4
20 හුවමාරු යොමු  

මෙසේ කෙළේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මඟින් ආබ්‍රහම් ලත් ආශීර්වාදය අන්‍ය විජාතීන් කෙරෙහි පැමිණෙන පිණිසත් ඇදහිල්ල කරණකොටගෙන ආත්මයාණන් වහන්සේගේ පොරොන්දුව අප විසින් ලබාගන්නා පිණිසත් ය.


එවිට සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට දර්ශනය වී, ඔහුට කතා කොට, “මම මේ දේශය නුඹේ පෙළපතට දෙන්නෙමි”යි වදාළ සේක. ආබ්‍රම් එහි දී තමන්ට දර්ශනය වූ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ඉදි කෙළේ ය.


ක්‍රිස්තුන් වහන්සේ තුළින් ස්වර්ගීය ස්ථානවල සියලු ආධ්‍යාත්මික ආශීර්වාද අපට දෙවා වදාළ, අපගේ ස්වාමීන් වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා!


සමිඳුනි, මාගේ අයැදුම ඇසුව මැනව; මාගේ මොරගෑමට සවන් දුන මැනව; මාගේ කඳුළු දැක නිහඬ ව නොසිටිය මැනව. මන්ද, ඔබ සමඟ ආගන්තුකයෙක් ද මාගේ පියවරුන් මෙන් කලක් නේවාසිකයෙක් ද වෙමි.


තවද දෙවියන් වහන්සේ ඇදහිල්ල කරණකොටගෙන විජාතීන් දමිටු බවට පත් කරන බව ශුද්ධ ලියවිල්ල කල්මත්තෙන් දැක, “ඔබ තුළ සියලු ම ජාතීහු ආශීර්වාද ලබන්නෝ ය” කියා සුබ අස්න කලින් ආබ්‍රහම්ට ප්‍රකාශ කළේ ය.


එතුමාගේ නාමය සදහට ම පවතී වා! ඉර හඳ පවතින තෙක් එතුමාට කීර්තිය අත් වේ වා! එතුමා අතින් සව් සත ආසිරි ලබත් වා! සියලු ජාතීහු එතුමාට සව්සිරි පතත් වා!


එහෙත්, ආබ්‍රම්; “මහෝත්තම දෙවි ස්වාමීනි, මට එය උරුම වන්නට යන බව මා දැනගන්නේ කෙසේ දැ”යි ඇසී ය.


ඊසාක් ද තදින් තැති ගෙන, ගැහි ගැහී, “එසේ නම් දඩයම් කර මුව මස් මා වෙත ගෙනාවේ කවරෙක් ද? නුඹ එන්න පෙර මම ඒ සියල්ලෙන් අනුභව කොට ඔහුට ආශීර්වාද කෙළෙමි. සැබැවින් ම ඒ ආශීර්වාදය ඔහු සමඟ පවතින්නේ යැ”යි කී ය.


තමාගේ පියා තාවකාලික ව නැවතී සිටි රට වන කානාන් දේශයේ ජාකොබ් පදිංචි විය.


මම ද ඔවුන් කලක් විදේශීන් ව විසූ කානාන් දේශය ඔවුන්ට දීමට ඔවුන් සමඟ ගිවිසුමක් පිහිටුවා ගතිමි.


මන්ද, අපේ සියලු පියවරුන් මෙන් අපි ඔබ ඉදිරියෙහි ආගන්තුකයන් ව හා කලක් නේවාසිකයන් ව සිටිමු. පොළොවේ අපේ ආයු කාලය සෙවණැල්ලක් මෙන් ගෙවී යයි. බලාපොරොත්තුවක් ද අපට නැත්තේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්