Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 26:8 - Sinhala New Revised Version 2018

8 ඔහු එහි කාලයක් විසූ පසු, පිලිස්තිවරුන්ගේ රජු වූ අබිමෙලෙක් කවුළුවකින් පිටත බැලූ විට, පුදුමයකි, ඊසාක් තම බිරිඳ වන රෙබෙකාට පෙම් කරනු දිටී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ඔහු එහි කාලයක් විසූ පසු, පිලිස්තිවරුන්ගේ රජු වූ අබිමෙලෙක් කවුළුවකින් පිටත බැලූ විට, පුදුමයකි, ඊසාක් තම බිරිඳ වන රෙබෙකාට පෙම් කරනු දිටී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 ඔහු බොහෝ කලක් එහි වාසයකළ පසු පිලිස්තිවරුන්ගේ රජවූ අබිමෙලෙක් කවුළුවකින් බලා ඊසාක් තමාගේ භාර්යාවවූ රෙබෙකාට ආදර කරනවා දුටුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 26:8
8 හුවමාරු යොමු  

තරුණයෙකු කන්‍යාවක සරණ කොට ගන්න සේ නුඹේ පුත්‍රයෝ නුඹ සරණ කොට ගන්නෝ ය. මනාලයා මනාලිය කෙරෙහි ප්‍රීති වන්නාක් මෙන් නුඹේ දෙවිඳාණෝ නුඹ ගැන ප්‍රීති ප්‍රමෝද වන සේක.


මා පෙම්වතා මුවෙකු වැනි ය. ඔහු මුව පැටවෙකු වැනි ය; බිත්තිය අයිනේ සිටගෙන, කවුළුව දෙස බලමින් ඔහු සිටියි, ගරාදි අතරෙන් එබිකම් කරමින්;


එක දිනක්, මාගේ ගෙයි කවුළුවේ ගරාදි අස්සෙන් පිටත බැලුවෙමි.


සිසෙරාගේ මවු කවුළුව තුළින්, ගරාදි අතරෙන් එබී බැලුවා ය. ‘රථය මෙතෙක් කල් පමා වන්නේත්, රථයේ අශ්වයන් සුනංගු වන්නේත් මන්දැ’යි සිතුවා ය.


උන් වහන්සේ මිහි පිට ඔබට දී තිබෙන ඔබේ නිෂ්ඵල ජීවිතයේ සියලු දවස්වල ඔබ ප්‍රේම කරන ඔබේ භාර්යාව සමඟ ජීවිතයේ ප්‍රීතිය භුක්ති විඳින්න. මන්ද, ජීවිතයෙන් ද මිහි පිට ඔබ ගන්න වෙහෙසෙන් ද ඔබට ලැබෙන එක ම කොටස එය වේ.


එහි සිටි මිනිස්සු ඔහුගේ භාර්යාව ගැන ඔහුගෙන් විමසුවෝ ය. ඔහු ද, “ඈ මාගේ සහෝදරීය”යි කී ය. “ඈ මගේ භාර්යාව ය”යි කීමට ඔහු බිය වූයේ, රෙබෙකා රූමත් බැවින් ඈ නිසා ‘ඔවුන් මා මරති’යි සිතූ නිසා ය.


අබිමෙලෙක් ඊසාක් කැඳවා, “නිසැක ව ම ඈ ඔබේ භාර්යාව ය; එසේ නම්, ‘ඈ මාගේ සහෝදරී ය’යි ඔබ කීවේ කෙසේ දැ”යි ඇසී ය. ඊසාක් ඔහුට කතා කොට, “ඈ නිසා මට මැරෙන්න වේ යයි සිතා මම එසේ කීවෙමි”යි පිළිතුරු දුනි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්