Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 24:22 - Sinhala New Revised Version 2018

22 ඔටුවන් වතුර බීවාට පසු ඔහු ඇගේ නාසයට වටිනා රන් මුද්දක් ද, ඇගේ අත්වලට වටිනා රන් වළලු දෙකක් ද දමා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ඔටුවන් වතුර බීවාට පසු ඔහු ඇගේ නාසයට වටිනා රන් මුද්දක් ද, ඇගේ අත්වලට වටිනා රන් වළලු දෙකක් ද දමා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 තවද ඔටුවන් වතුර බී නිමවූ කල්හි ඒ මනුෂ්‍යයා ෂෙකෙල් බාගයක් බර ඇති රන් නාසාභරණයක්ද ඇගේ අත්වලට ෂෙකෙල් දශයක් බර ඇති රන් වළලු දෙකක්ද රැගෙන දී:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 24:22
16 හුවමාරු යොමු  

තරුණ කාන්තාවක ඇගේ ආභරණ ද මනමාලියක ඇගේ මඟුල් ඇඳුම ද අමතක කරනු ඇද් ද? එහෙත්, මාගේ සෙනඟ ගණන් කළ නොහැකි තරම් දවස් ගණනාවක් මා අමතක කළහ.


පසුව මම, ‘ඔබ කාගේ දියණියන් දැ’යි ඇසීමි. ඈ ද, ‘මම නාහෝර්ගෙන් මිල්කා ලැබූ පුත්‍රයා වන බෙතුයෙල්ගේ දුව වෙමි’යි කී විට, මම ඇගේ නාසයට මුදුව ද අත්වලට වළලු ද දැමීමි.


මොහු තම සොහොයුරිය වන රෙබෙකා පැළඳ සිටි නාසාභරණය ද, ඇගේ අත්වලට දැමූ වළලු ද දැක, “ඒ මිනිසා මට මෙසේ කතා කෙළේ ය”යි ඈ පැවසූ වචන ඇසූ විගස ම ආබ්‍රහම්ගේ මෙහෙකරුවා වෙත පැමිණියේ ය. මෙහෙකරුවා ද ළිඳ ළඟ ඔටුවන් සමඟ සිටියේ ය.


අවසාන කොට ඔබ සියල්ලෝ ම එක්සිත් ව ද සානුකම්පික ව ද සහෝදර ස්නේහය ඇති ව ද සිටින්න. දයාව ද යටහත්කම ද ඇති ව සිට,


ඔබගේ අලංකාරය, කොණ්ඩා මෝස්තර ද රන් රිදී ආභරණ ද ඇඳුම් පැළඳුම් ද යන බාහිර දේ පිට රඳා නොතිබිය යුතුයි.


ඉන්පසු මෙහෙකරුවා, තම ස්වාමියාට අයත් ඔටුවන්ගෙන් දස දෙනෙකු ද, ඔහු සතු සම්පතින් ඉස්තරම් කොටසක් ද රැගෙන පිටත් ව ගොස්, මෙසොපොතේමියේ නාහෝර් නම් නගරයට පැමිණියේ ය.


“ඔබ කාගේ දියණියන් දැ යි කරුණාකර මට කියන්න; අපට නවාතැන් ගැනීමට ඔබ පියාගේ ගෘහයෙහි ඉඩකඩ ඇත් දැ”යි ඇසී ය.


තවද, ඔහු රන් රිදී ආභරණ ද වස්ත්‍ර ද ගෙන රෙබෙකාට ප්‍රදානය කෙළේ ය. ඇගේ සහෝදරයාට හා මවට ද වටිනා තෑගි බෝග දුන්නේ ය.


එබැවින් මම, අනාතොත්හි තිබෙන කෙත මාගේ පියාගේ සහෝදරයාගෙන් මිලේට ගෙන, එහි මිල වන රිදී කාසි දහහතක් ඔහුට කිරා දිනිමි.


රිදී කණින ආකර ඇත; රන් පවිත්‍ර කරන කෝව ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්