Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 22:11 - Sinhala New Revised Version 2018

11 එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට, “ආබ්‍රහම්, ආබ්‍රහම්” කියා හඬගැසී ය. “මම මෙහි සිටිමි”යි ඔහු කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට, “ආබ්‍රහම්, ආබ්‍රහම්” කියා හඬගැසී ය. “මම මෙහි සිටිමි”යි ඔහු කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා ස්වර්ගයෙහි සිට ඔහුට අඬගසා: ආබ්‍රහම්, ආබ්‍රහම්යයි කීයේය. ඔහුද: මම මෙහියයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 22:11
21 හුවමාරු යොමු  

ඔහු එය බලන පිණිස ඊට ළං වන බව සමිඳාණන් වහන්සේ දුටු විට, දෙවියන් වහන්සේ පඳුර මැදින්, “මෝසෙස්, මෝසෙස්” කියා ඔහුට හඬගැසූ සේක. ඔහු ද, “මම මෙහි ය”යි කීවේ ය.


දරුවාගේ හඬ දෙවියන් වහන්සේට ඇසිණි. උන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට හාගර්ට කතා කොට, “ඔබ කරදර වී ඉන්නේ කුමක්නිසා ද? බිය නොවන්න. දරුවාගේ හැඬීම දෙවියන් වහන්සේට ඇසී ඇත.


අප සියල්ලන් ම බිම වැටුණු කල, ‘සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන් ද? කෙවිටට පයින් ගැසීම ඔබට අන්තරායදායක ය’යි හෙබ්‍රෙව් භාෂාවෙන් මට කියන හඬක් ඇසිණි.


ඔහු භ්‍රාන්ත වී බිම වැටුණේ ය. එවිට: “සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්දැ”යි කියන හඬක් ඔහුට ඇසිණි.


මෙසේ හාගර් පලා යද්දී ෂූර් දක්වා යන මාර්ගයෙහි තිබෙන පාළුකරයේ දිය උල්පතක් ළඟ දී සමිඳාණන් වහන්සේගේ දූතයාට ඈ හමු වූවා ය.


එවිට සමිඳාණන් වහන්සේ වැඩම කර, පළමු වතාවල දී මෙන්, “සාමුවෙල්, සාමුවෙල්,” කියා අඬගැසූ සේක. සාමුවෙල් පිළිතුරු දෙමින්, “කතා කළ මැනව; ඔබ වහන්සේගේ මෙහෙකරුවා සවන් දී සිටිනවා ය”යි කීවේ ය.


“සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි මම දිවුරා කියමි. ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා පවා මට බිලි පූජා කිරීමට කැමැති වී මෙලෙස ක්‍රියා කළ බැවින්


එවිට දූතයා, “ළමයාට අත නොගසන්න, ඔහුට කිසි අනතුරක් නොකරන්න, ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා පූජා කිරීමට තරම්, ඔබ දේව ගරුබිය ඇත්තෙකු බව මට දැන් පෙනේ ය”යි පැවසී ය.


ඉනික්බිති දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කරමින්, “ආබ්‍රහම්” කියා ඔහුට හඬගැසූ සේක. ඔහු ද, “ස්වාමීනි මම මෙහි ය” කියා උත්තර දුනි.


නැඟිටින්න, දරුවා ඔසවා අතට ගන්න, මම ඔහුගෙන් විශාල පෙළපතක් ඇති කරමි”යි කීවේ ය.


මෙසේ තබා ඔහු අත දිගු කොට, සිය පුතු මරනු පිණිස පිහිය ගත්තේ ය.


මාගේ පියාගේ ගෘහයෙන් ද මාගේ ඥාතීන්ගේ දේශයෙන් ද මා ගෙනා, මට දිවුරා වදාළ, ස්වර්ගයෙහි දෙවි සමිඳාණන් වහන්සේ, ‘මේ රට නුඹේ පෙළපතට දෙන්නෙමි. නුඹට පෙරටු ව උන් වහන්සේ සිය දූතයා යවන සේක. නුඹ ඒ රටින් මාගේ පුත්‍රයාට භාර්යාවක ගත යුතු ය’යි මට වදාළ සේක.


එවිට දෙවියන් වහන්සේගේ දූතයා සිහිනෙන් මට කතා කරමින්, ‘ජාකොබ්’ කියා මා ඇමතුවෙන්, මම ද, ‘මම මෙහි ය’ කියා පිළිතුරු දුනිමි.


දෙවියන් වහන්සේ ද රාත්‍රියේ දී ජාකොබ්ට දර්ශනය වී, “ජාකොබ්, ජාකොබ්” කියා ඔහු ඇමතූ සේක. ඔහු, “මම මෙහි ය” කියා උත්තර දුනි.


සියලු නපුරෙන් මා මුදාලූ ඒ දූතවරයාණෝ, මේ දරුවන්ට ආශීර්වාද කරන සේක් වා! මාගේ නම ද මා පියවරුන් වූ ආබ්‍රහම්ගේ හා ඊසාක්ගේ නම ද ඔවුන් සමඟ නොමැකී පවතී වා! ඔව්හු මිහි මත සඵල විපුල මහ ජනතාවක් වෙත් වා!”


සමිඳාණන් වහන්සේගේ දූතයා පඳුරක් මැදින් නැඟුණු ගිනි ජාලාවක ආකාරයෙන් ඔහුට දෘශ්‍යමාන විය. ඔහු බැලූ විට පඳුර ගින්නෙන් ඇවිළී ගිය නමුත් එය නොදැවෙන බව දිටී ය.


එවිට ඉශ්රායෙල් ජෝසෙප්ට කතා කරමින්, “නුඹේ සහෝදරයන් ෂෙකෙම්හි එළු බැටළු පට්ටි බලාගන්නවා නොවේ ද? එන්න, මම නුඹ ඔවුන් වෙත යවමි”යි කී විට, ජෝසෙප් ද, “මම ලෑස්ති ය” කියා උත්තර දුනි.


සමිඳාණන් වහන්සේගේ දූතයා ගිල්ගාල්හි සිට බෝකීම්ට අවුත් ඉශ්රායෙල්වරුන්ට මෙසේ කීවේ ය: “මම නුඹලා මිසරයෙන් පිටතට පමුණුවා, නුඹලාගේ පියවරුන්ට පොරොන්දු වූ දේශයට නුඹලා ගෙනාවෙමි. ‘නුඹලා සමඟ මාගේ ගිවිසුම කිසි කලක කඩ නොකරන්නෙමි’යි කීවෙමි.


එවිට සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට අඬගැසූ සේක. ඔහු ද, “මම මෙහි ය”යි කී ය.


එවිට, “මම කවරෙකු යවම් ද? අප වෙනුවෙන් යන්නේ කවරෙක් දැ”යි කියන සමිඳාණන් වහන්සේගේ හඬ මට ඇසුණේ ය. මම ද, “මෙන්න, මම මෙහි ය, මා යැව්ව මැනවැ”යි කීමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්