Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 21:7 - Sinhala New Revised Version 2018

7 සාරා දරුවන්ට තනකිරි දෙති යි ආබ්‍රහම්ට කියන්නට කවරෙක් සිතුවේ ද? ඔහුගේ මහලු වියෙහි දී මම ඔහුට පුතෙකු දුනිමි”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 සාරා දරුවන්ට තනකිරි දෙති යි ආබ්‍රහම්ට කියන්නට කවරෙක් සිතුවේ ද? ඔහුගේ මහලු වියෙහි දී මම ඔහුට පුතෙකු දුනිමි”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 තවද: සාරා දරුවන්ට කිරිදෙනවා ඇතැයි ආබ්‍රහම්ට කියන්ට සිතුවේ කවුද? මක්නිසාද මම ඔහුට ඔහුගේ මහලු වයසෙහිදී පුත්‍රයෙකු වැදුවෙමියි ඈ කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 21:7
15 හුවමාරු යොමු  

මෙබඳු දෙයක් ඇසූ දුටු කෙනෙක් සිටිත් ද? කිසි කලක එක දවසකින් රටක් බිහි වී ඇද් ද? එක මොහොතකින් ජාතියක් බිහි වේ ද? සියොන් අඟන, ප්‍රසව වේදනාව වින්ද ඇසිල්ලෙහි ම ඇගේ දරුවා බිහි කළා ය.


මෙය සිදු වන්නේ උන් වහන්සේ සියලු සැදැහැවතුන්ගෙන් මහිමයත්, සියලු ඇදහිලිවතුන්ගෙන් ගෞරවයත් ලැබීමට පැමිණෙන ඒ දවසේ දී ය. අප ඔබ වෙත ගෙන ආ පණිවුඩය ඔබ ඇදහූ බැවින් ඔබත් ඒ ගණයට ඇතුළත් ය.


එසේ වූයේ, මේ කාලයේ දී, ශුද්ධ සභාව මඟින් ස්වර්ග ලෝකවල අධිපතීන්ටත්, බලධාරීන්ටත්, දෙවියන් වහන්සේගේ විවිධාකාර ප්‍රඥාව දන්වනු ලබන පිණිස ය.


ජාකොබ්ට එරෙහි ව අනවින නැත. ඉශ්රායෙල්ට එරෙහි ව පේන කීමක් ද නැත. ජාකොබ් පෙළපත, ඉශ්රායෙල් පරපුර අමතා, ‘දෙවිඳුන් කෙළේ කුමක් ද’ කියා අසනු ඇත.


ඔබ බලසම්පන්න ය, අරුමපුදුම දේ කරන සේක. ඔබ පමණක් දෙවිඳාණෝ ය.


අහෝ සමිඳුනි! දෙවිවරුන් අතර ඔබට සමාන අන් කෙනෙක් නැත්තේ ය. ඔබේ ක්‍රියාවන්ට සම කළ හැකි අන් ක්‍රියා ද නැත්තේ ය.


එවිට නුඹ නුඹට ම මෙසේ කියා ගනු ඇත: ‘මොවුන් මා හට ඉපදෙව්වේ කවරෙක් ද? මම දරුවන් නැති ව වඳ ව, රටෙන් පිටිවහල් වී ඔබමොබ ගියෙමි. මොවුන් ඇති කළේ කවරෙක් ද? මම තනි ව සිටියෙමි. මොවුන් ආවේ කොතැනින් ද?”


එවිට ආබ්‍රහම් පසඟ පිහිටුවා වැඳ, මඳක් සිනහ පාමින්, “සියක් අවුරුදු පිරුණු කෙනෙකුට දරුවෙකු උපදිනු හැකි ද? අනූ අවුරුදු වයසැති, සාරා දරුවෙකු ලබන්නී දැ”යි තමාට ම කියා ගත්තේ ය.


එවිට සමිඳාණන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට, “මහලු වියට පැමිණි පසුත් හැබෑවට ම දරු උපතක් ලැබිය හැකි දැ යි කියාගනිමින් සාරා සිනාසුණේ ඇයි?


දරුවා වැඩී කිරි වැරුවේ ය. කිරි වැරූ දිනයෙහි ආබ්‍රහම් මංගල්‍යයක් පැවැත්විය.


“ඔබට පිරිමි දරුවෙක් උපන්නේ ය” කියා මාගේ පියාට දන්වා ඔහු ප්‍රීතිමත් කළ මිනිසාට සාප වේ වා!


උදය මාගේ දරුවාට කිරි දෙන්න නැඟුටුණු විට ඔහු මැරී උන් බව දිටිමි. එහෙත්, මා උදේ ඔහු දෙස හොඳින් බැලූ විට මා ලැබූ පුත්‍රයා නොවන බව දැනගතිමි”යි කීවා ය.


තාපෙනෙස් රැජිනගේ සහෝදරී ඔහුගෙන් ගෙනුබත් නම් පුත්‍රයා ලැබුවා ය. තාපෙනෙස් පාරාවෝ‍ගේ මාලිගාවේ දී ඔහු ඇතිදැඩි කළා ය. ගෙනුබත් පාරාවෝ‍ගේ මාලිගාවෙහි පාරාවෝ‍ගේ පුත්‍රයන් අතර ජීවත් විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්