Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 19:37 - Sinhala New Revised Version 2018

37 වැඩිමහල් සොහොයුරීට පුත්‍රයෙක් උපන්නේ ය. ඈ ඔහුට මෝවබ් යන නම තැබුවා ය. වර්තමාන මෝවබ්වරුන්ගේ ආදි පියා මොහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

37 වැඩිමහල් සොහොයුරීට පුත්‍රයෙක් උපන්නේ ය. ඈ ඔහුට මෝවබ් යන නම තැබුවා ය. වර්තමාන මෝවබ්වරුන්ගේ ආදි පියා මොහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

37 වැඩිමහල් තැනැත්තී පුත්‍රයෙකු බිහිකර ඔහුට මෝවබ්යයි නම් තැබුවාය. ඔහු අද දක්වා මෝවබ්වරුන්ගේ පියාණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 19:37
14 හුවමාරු යොමු  

“සමිඳාණන් වහන්සේ මා අමතා, ‘මෝවබ්වරුන්ට හිරිහැර නොකරන්න, සටනට ඔවුන් නොපොළඹවන්න. මා ආර් නම් දේශය ලොත්ගේ පෙළපතට සතු කොට දෙන බැවින්, ඔවුන්ගේ රටින් කිසිවක් මම නුඹට අයිති කොට නොදෙන්නෙමි’යි වදාළ සේක.


තවද, මළ මිනිසාගේ පවුලට කුඹුර උරුම වන පිණිස මාලොන්ගේ වැන්දඹුව වන මෝවබ් ජාතික රූත් මාගේ භාර්යාව වශයෙන් ද ගන්නෙමි. මෙසේ කිරීමෙන් ඔහුගේ නාමය ඔහුගේ සෙනඟ අතරේ ද ඔහු උපන් නගරයේ ද අමතක නොවී පවතිනු ඇත. මේ බවට ඔබ හැම අද දින සාක්ෂිකාරයෝ වන්නහු ය.”


“අම්මොනිය ජාතිකයෙකු වත්, මෝවබ් ජාතිකයෙකු වත්, මොවුන්ගෙන් පැවත එන අය වත්, දස වන පරම්පරාවේ දී වත් සමිඳාණන් වහන්සේගේ සභාවට නොයා යුතු ය.


නුඹ අම්මොන්ගේ පරපුරට අයිති අයගේ දේශය සමීපයට පැමිණි කල ඔවුන්ට හිරිහැර නොකරන්න, ඔවුන් කුපිත නොකරන්න. මා ඔවුන්ගේ රට ලොත්ගේ පෙළපතට අයිති කොට දී තිබෙන බැවින් මම ඔවුන්ගේ රටින් අඟලක්වත් නුඹට නොදෙන්නෙමි’යි වදාළ සේක.


එම්බා මෝවබ්, තිට වන විපතක මහත! කෙමොෂ් වැසියෙනි, තෙපි විනාශ යි! දරුවන් කෙමොෂ් කෙරෙන් පලා යාමටත් දැරියන් අමෝරි රජු හට වහල්කමටත් පාවා දුනි.


මෙසේ ඔහුගේ දූවරු දෙදෙනා ම පියාට දාව දරුවන් පිළිසිඳගත්තාහ.


සාවුල් ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජ කමට පත් කරනු ලැබූ පසු අවට සිටි තමාගේ සියලු සතුරන් වන මෝවබ්වරුන්ටත්, අම්මොන්වරුන්ටත්, ඒදොම්වරුන්ටත්, ශෝබාහි රජුන්ටත්, පිලිස්තිවරුන්ටත් විරුද්ධ ව යුද්ධ කෙළේ ය. ඔහු ගිය ගිය තැන ජය ගත්තේ ය.


මිදියන්වරුන්ට සහ සිසෙරාට කළ පරිදි ද කිෂොන් නදිය අසල ජාබීන්ට කළ පරිදි ද ඔවුන්ට කළ මැනව.


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මෝවබ්වරුන්ගේ පාරට්ටු කිරීම ද අම්මොන් වැසියන්ගේ නින්දා කිරීම ද ඔවුන්ගේ දේශය ගැන පුරසාරම් දෙඩීම ද මාගේ සෙනඟට නින්දා කළ අන්දම ද මා අසා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්