Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 16:4 - Sinhala New Revised Version 2018

4 ඔහු ඈ සමඟ එක් වූ පසු ඈ පිළිසිඳගත්තා ය. හාගර් පිළිසිඳගත් බව ඈ දැනගත් පසු, ඈ ඇගේ ස්වාමිදුව සුළු කොට සැලකුවෙන්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ඔහු ඈ සමඟ එක් වූ පසු ඈ පිළිසිඳගත්තා ය. හාගර් පිළිසිඳගත් බව ඈ දැනගත් පසු, ඈ ඇගේ ස්වාමිදුව සුළු කොට සැලකුවෙන්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 ඔහු හාගර් වෙතට පැමිණියේය, ඈ ගර්භිණීවූවාය. ඈ තමා ගර්භිණීවූ බව දැනගත් කල ඇගේ ස්වාමිදුව සුළුකොට සැලකුවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 16:4
11 හුවමාරු යොමු  

මෙලෙස ආබ්‍රම් කානාන් දේශයෙහි අවුරුදු දහයක් විසූ පසු, ආබ්‍රම්ගේ භාර්යාව වන සාරයි මිසර ජාතික සිය වහල් කෙල්ල වන හාගර් සිය සැමියා වන ආබ්‍රම්ට භාර්යාව කොට දුන්නා ය.


සාරයි ආබ්‍රම්ට කතා කොට, “මට අවමානයක් සිදු වූයේ ඔබේ වරදින් ය. මම මාගේ වහල් කෙල්ල ඔබට අඹුවක වශයෙන් පාවා දුනිමි. තමා පිළිසිඳගත් බව ඈ දැනගත් පසු, ඈ මා සුළු කොට සිතන්නී ය. වරද කාගේ ද කියා දෙවියන්ට පෙනේ වා!”යි කීවා ය.


මෙසේ සිටිය දී, දූවරුන් දෙදෙනාගෙන් වැඩිමහල් සොහොයුරිය, බාල සොහොයුරියට කතා කොට; “අපේ පියා දැන් මහලු ය. ලෝක සම්මත පිළිවෙළට අප සමඟ විවාහ වීමට මිහි පිට මිනිසෙක් නැත.


ආබ්‍රහම්ට දාව මිසර ජාතික හාගර්ගෙන් ලැබූ ඉෂ්මායෙල් තම පුත්‍රයා වන ඊසාක්ට සරදම් කරනු එක් දිනක් සාරා දුටුවා ය.


මෙසේ කියා ඈ තම සේවිකාව වන බිල්හා ජාකොබ්ට බිරිඳ වශයෙන් පාවා දුන්නා ය. ඔහු ද ඈ සමඟ එක් වුණි.


සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවරට පැමිණි කල සාවුල්ගේ දුව වන මීකල් කවුළුවෙන් බලා, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දාවිත් රජ උඩ පනිමින් නටනු දැක ඇගේ සිතින් ඔහු හෙළා දැක්කා ය.


පෙම් විරහිත කතක් විවාහ වීම ද ස්වාමිදුවගේ තැන සේවිකාව ගැනීම ද යන මේවා ය.


සහෝදරයෙනි, මම ඔබ උදෙසා මේ දේ උපමානුසාරයෙන්, අපොල්ලොස්ටත් මටත් අදාළ කොට කීමි. එසේ කීවේ නීතිරීති කඩ නොකිරීමට ඔබ අපෙන් ඉගෙනගන්නා පිණිසත්, ඔබෙන් කවරෙකු වත් එක් කෙනෙකු ගැන ආඩම්බර වී අන් කෙනෙකු හෙළා නොදකින පිණිසත් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්