Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

තෝබිත් 5:10 - Sinhala New Revised Version 2018

10 දේව දූතයා ගේ තුළට පැමිණියේ ය. තෝබිත් ඔහුට ආචාර කළ විට ඔහු ද සුව පතමින් පිළිතුරු දුන්නේ ය. එවිට තෝබිත් කතා කොට, “මට නැවත ප්‍රීති වීමට පුළුවන් ද? මම අන්ධ මිනිසෙකි. මට අහසේ ආලෝකය තවත් නොපෙනේ, ආලෝකය නො දකින මියගිය අය මෙන් මම අඳුරෙහි ගිලී සිටිමි. මම පණපිටින් වළලනු ලැබූ මිනිසෙකි. මිනිසුන් කතා කරනු මට ඇසේ. එහෙත් ඔවුන් දැකීමට නුපුළුවනැ”යි කීවේ ය. දේව දූතයා කතා කොට, “සැනසිල්ලෙන් සිටින්න, නොබෝ කලකින් දෙවියන් වහන්සේ ඔබ සුව කරනු ඇතැ”යි කී ය. තෝබිත් කතා කොට, “මාගේ පුත් තෝබියස්ට මේදියාවට යන්ට වුවමනා වී තිබේ. ඔහුට මඟ පෙන්වන්නා මෙන් ඔබ ඔහු සමඟ යන්ට කැමැති ද? සොහොයුර, මම ඔබට මුදල් ගෙවන්නෙමි”යි කීවේ ය. දේව දූතයා පිළිතුරු දෙමින්, “ඔහු සමඟ යන්නට මම කැමැත්තෙමි. මම පාරවල් සියල්ල දනිමි. මා නිතර මේදියාවට ගොස් තිබේ. මා එහි ඇති කඳු තැනිතලා සියල්ල ඔස්සේ ගමන් කර ඇත. පාරවල් සියල්ල ම මම දනිමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




තෝබිත් 5:10
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්