Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

තෝබිත් 10:7 - Sinhala New Revised Version 2018

7 එහෙත් ඈ කතා කොට, “මට කරදර නොකරන්න. මා රවටන්නට වෑයම් නොකරන්න. මාගේ දරුවා මියගොස් ඇතැ”යි කීවා ය. තවද දිනපතා ඇගේ පුත්‍රයා නික්ම ගිය පාර දෙස බැලීම සඳහා ඈ හදිසියේ පිටතට යන්නට පුරුදු ව සිටියා ය. ඈ තමාගේ ම දෙනෙත් හැර අන් කෙනෙකු විශ්වාස නොකළා ය. ඉර බැස ගිය පසු ඇය ආපසු ගෙදර එන්නී ය. අවුත් නිදාගන්නට නොහැකි ව, මුළු රාත්‍රියේ ම හඬමින් වැලපෙන්නී ය. සිය දුවගේ විවාහ මංගල්‍යය සඳහා උත්සවය පැවැත්වීමට රගුවෙල් දිවුරුම් දී තිබුණු දවස් දස සතර අවසන් වූ පසු තෝබියස් ඔහු වෙත පැමිණ, කතා කොට, “දැන් මට යන්නට අවසර දෙන්න. මාගේ පියාගෙත් මවගෙත් මා යළි දැකගැනීමේ බලාපොරොත්තු සියල්ල අහෝසි වී යන්නට ඇත. එබැවින්, පියාණෙනි, මාගේ පියාගේ ගෘහයට ආපසු මට යන්නට අවසර දෙන ලෙස ඉල්ලමි. මා ඔහු වෙතින් පිටත් වූ විට ඔහු සිටිය තත්ත්වය මා ඔබට දන්වා ඇතැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




තෝබිත් 10:7
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්