මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 10:12 - Sinhala New Revised Version 201812 මා මියයනු පෙර ඔබේ දරුවන් දැකීමට බලාපොරොත්තු වෙමි”යි අවසාන සුබ පැතුම පැතී ය. ඔහු සිය දුව සාරා අමතා, “දැන් ඔබ ඔබේ මාමණ්ඩිගේ නිවෙසට යන්න. මින්පසු ඔබට ජීවිතය දුන් දෙමාපියන් සේ ම ඔව්හු ද ඔබේ දෙමාපියෝ වන්නෝ ය. මා දුව, සාමදානයෙන් යන්න. මට දිවි ඇති තාක් ඔබ ගැන හොඳ මිසක් වෙන යමක් අසන්නට මම බලා නොසිටිමි”යි කීවේ ය. ඔව්හු මෙසේ ඔවුන්ට සුබ පතා යන්නට හැරියේ ය. එඩිනා ද තෝබියස් අමතා, “පෙම්බර පුත්‍රය, සොහොයුර, ඔබ ආපසු මෙහි ගෙන ඒමට සමිඳාණන් වහන්සේ කැමැති වන සේක් වා! මා මියයන්නට පෙර ඔබේ ද මාගේ දුව වන සාරාගේ ද දරුවන් දකිනු පිණිස ජීවත් වීමට හැකි වේ වා! යි ප්‍රාර්ථනා කරමි. සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මම මාගේ දුව ඔබට භාර කරමි. ඔබට දිවි ඇති තාක් කවර දිනක වත් ඇය අසන්තෝෂයට පත් නොකරන්න. මාගේ පුත්‍රය සාමදානයෙන් යන්න. මින්පසු මම ඔබේ මව ය. සාරා ඔබේ සහෝදරී ය. අපේ මුළු ජීවිත කාලය තුළ ම අපට යෙහෙන් විසීමට හැකි වේ වා!”යි කීවා ය. පරිච්ඡේදය බලන්න |