Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 9:2 - Sinhala New Revised Version 2018

2 සාවුල්ගේ වංශයට අයිති ශීබා නම් මෙහෙකරුවෙක් විය. ඔවුන් ඔහු දාවිත් ළඟට කැඳවාගෙන ආ කල, “ඔබ ශීබා දැ”යි රජ ඇසී ය. ඔහු ද, “ඔබේ මෙහෙකරුවා වන මම ශීබා ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 සාවුල්ගේ වංශයට අයිති ශීබා නම් මෙහෙකරුවෙක් විය. ඔවුන් ඔහු දාවිත් ළඟට කැඳවාගෙන ආ කල, “ඔබ ශීබා දැ”යි රජ ඇසී ය. ඔහු ද, “ඔබේ මෙහෙකරුවා වන මම ශීබා ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 සාවුල්ගේ වංශයට අයිති ශීබා නම් මෙහෙකරුවෙක් විය, ඔවුන් ඔහු දාවිත් ළඟට කැඳවාගන ආ කල: නුඹ ශීබාදැයි රජ ඔහුගෙන් ඇසීය. ඔහුද: ඔබගේ මෙහෙකරුවා ඒයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 9:2
7 හුවමාරු යොමු  

ඔහු තමා සතු සියල්ල බලාහදාගත් නිවසේ දෙටු මෙහෙකරුවාට කතා කොට, “කරුණාකර, මාගේ කලවය යට නුඹ අත තබන්න;


පොතිපර් තමා සතු සියල්ල ජෝසෙප්ගේ අතට බාර දුනි. ඔහු තමා අනුභව කළ ආහාර ගැන මිස තමා සතු අන් කිසිවක් ගැන සැලකුවේ නැත. ජෝසෙප් කඩවසම් පෙනුමක් ඇති, රූපසම්පන්න කෙනෙක් විය.


ඔහු සමඟ බෙන්ජමින් ගෝත්‍රයේ මිනිස්සු දහසක් ද සාවුල්ගේ වංශයේ සේවකයෙකු වූ ශීබා ද ඔහුගේ පුත්‍රයෝ පසළො‍ස්දෙනා ද ඔහුගේ වැඩකාරයෝ විසිදෙනා ද සිටියෝ ය. ඔව්හු රජු බලා සිටිය දී ජොර්දාන් මැදින් ගියෝ ය.


රජු ද ඔහුගේ ගෙයිවැසි සියල්ලන් ද මෙගොඩට ගෙනෙන පිණිසත්, රජුගේ කැමැත්තක් කරන පිණිසත්, පාරුවක් ගඟින් එගොඩට ගියේ ය. ගේරාගේ පුත් ෂිමෙයි ජොර්දාන් ගඟෙන් එගොඩ වූ කල,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්