Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 18:32 - Sinhala New Revised Version 2018

32 එවිට රජ, “තරුණ අබ්සලොම් සුව සේ සිටී දැ”යි කුෂීය ජාතිකයාගෙන් ඇසී ය. කුෂීය ජාතිකයා ද, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ගේ සතුරෝ ද ඔබට අනතුරු කරන්නට ඔබට විරුද්ධ ව නැඟී සිටින සියල්ලෝ ද ඒ තරුණයා මෙන් වෙත්වා”යි උත්තර දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 එවිට රජ, “තරුණ අබ්සලොම් සුව සේ සිටී දැ”යි කුෂීය ජාතිකයාගෙන් ඇසී ය. කුෂීය ජාතිකයා ද, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ගේ සතුරෝ ද ඔබට අනතුරු කරන්නට ඔබට විරුද්ධ ව නැඟී සිටින සියල්ලෝ ද ඒ තරුණයා මෙන් වෙත්වා”යි උත්තර දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

32 එවිට රජ: අබ්සලොම් යෞවනයා සුවසේ සිටිනේදැයි කූශියයාගෙන් ඇසුවේය. කූශියයාද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ සතුරෝද ඔබට අන්තරාකරන්ට ඔබට විරුද්ධව නැගිටින සියල්ලෝද ඒ යෞවනයා මෙන් වෙත්වයි උත්තරදුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 18:32
8 හුවමාරු යොමු  

එවිට ජෝවාබ්, “ඔබ ගොස් දුටු දේ රජුට දන්වන්නැ”යි කුෂීය ජාතිකයාට කීවේ ය. ඔහු ජෝවාබ්ට වැඳ දිව්වේ ය.


“තරුණ අබ්සලොම් සුව සේ සිටින්නේ දැ”යි රජ ඇසී ය. එවිට අහීමයාශ් පිළිතුරු දෙමින්, “ජෝවාබ් විසින් රජ්ජුරුවන්ගේ මෙහෙකරුවාත්, ඔබේ මෙහෙකරු වන මාත් එවනු ලබන විට මහා කෝලාහලයක් දිටිමි; එහෙත්, එය කිමෙක් දැ යි නො‍දන්නෙමි”යි පිළිතුරු දුන්නේ ය.


මාගේ එදිරිකාරයන්ටත්, මට විරුද්ධ ව නපුරු දේ කියන්නන්ටත් සමිඳුන්ගෙන් ලැබෙන විපාකය ඒ සාපය වේ වා!


සමිඳුනි, ඔබේ සතුරෝ, මෙලෙස විනාශ වෙත් වා! එහෙත්, ඔබට ප්‍රේම කරන්නෝ විකුමෙන් නැඟී එන හිරු මෙන් වෙත් වා!” හතළිස් වසරක් මුළුල්ලේ දේශයේ සාමය ඇති විය.


දැන් මාගේ ස්වාමීනි, ලේ වැගිරීමේ අපරාධයෙන් ද ඔබේ ම අතින් පළිගැනීමෙන් ද සමිඳාණන් වහන්සේ ඔබ වැළැක්වූ සේකැ යි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ඔබේ නාමයෙන් ද දිවුරා කියමි. එබැවින් ඔබේ සතුරෝ ද මාගේ ස්වාමියා වන ඔබට අන්තරා කරන්නට සොයන්නා ද නාබල් මෙන් තිරිසන්නු වෙත් වා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්