Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 18:18 - Sinhala New Revised Version 2018

18 අබ්සලොම් ජීවත් ව සිටිය දී, “මාගේ නාමය සිහිපත් කරවන්නට මට පුත්‍රයෙක් නැතැ”යි රජුගේ මිටියාවතේ තිබෙන කණුව තමා සිහි වීම උදෙසා පිහිටුවා, ඊට තමාගේ නම තැබුවේ ය. අද දක්වා ඊට ‘අබ්සලොම් ටැඹ’ යයි කියනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 අබ්සලොම් ජීවත් ව සිටිය දී, “මාගේ නාමය සිහිපත් කරවන්නට මට පුත්‍රයෙක් නැතැ”යි රජුගේ මිටියාවතේ තිබෙන කණුව තමා සිහි වීම උදෙසා පිහිටුවා, ඊට තමාගේ නම තැබුවේ ය. අද දක්වා ඊට ‘අබ්සලොම් ටැඹ’ යයි කියනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 අබ්සලොම් ජීවත්ව සිටියදී: මාගේ නාමය සිහිපත් කරවන්ට පුත්‍රයෙක් නැත කියා රජුගේ මිටියාවතේ තිබෙන කණුව තමා උදෙසා පිහිටුවා, ඊට තමාගේ නාමයේ හැටියට නම් කෙළේය. අද දක්වා ඊට අබ්සලොම් ටැඹයයි කියති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 18:18
13 හුවමාරු යොමු  

අබ්සලොම්ට පුත්‍රයෝ තුන්දෙනෙක් ද එක දුවක් ද උපන්නාහ. දුවගේ නම තාමාර් ය. ඈ ශෝභන පෙනීමක් ඇති කාන්තාවක් වූවා ය.


සාමුවෙල් සාවුල් හමු වන පිණිස පසු දින උදේ ම නැඟිට ගියේ ය. “සාවුල් කර්මෙල් කන්දට පැමිණ එහි තමාගේ නමින් ජයස්ථම්භයක් පිහිටුවා එතැනින් පිටත් වී ගිල්ගාල් බලා නික්ම ගියේ ය”යි සාමුවෙල්ට දන්වන ලද්දේ ය.


සොදොම්හි රජ තෙමේ ආබ්‍රම් කෙදොර්-ලායොමෙර් හා මොහුගේ මිත්‍රපාක්ෂික රජවරුන් ද පරාජය කර ආපසු පැමිණි විට, ‘රාජකීය දෙණිය’ නම් වූ ෂාවේ මිටියාවතට ඔහු හමුවීම පිණිස ගියේය.


ඔහුගෙන් පැවත එන්නෝ වැනසී යත් වා! මීළඟ පරම්පරාවේ දී ඔවුන්ගේ නම මැකී යේ වා!


වරක් ඔවුන්ගේ ම නමින් ගම්බිම් තිබුණ නමුත්, දැන් ඔවුන්ගේ ගෙවල් සදහට ම සොහොන් ගෙවල් වී ඇත. ඔවුන් එහි සදහට ම වාසය කරනු ඇත.


සමිඳාණන් වහන්සේ ඒ නගරයෙහි දී මුළු ජනතාවගේ භාෂාව අවුල් වියවුල් කළ බැවින් ඊට ‘බාබෙල්’ යැයි නම යෙදිණි. එතැනින් සමිඳාණන් වහන්සේ ඔවුන් මහ පොළොව පුරා විසිර වූ සේක.


එවිට ඔව්හු කතා කොට, “එන්න, අපි අහස උසට නඟින කොතක් ඇති නගරයක් අපට ම ගොඩනඟා, කීර්තිමත් වෙමු. නැත්නම් මිහි පිට අපට සීසීකඩ විසිර යන්නට සිදු වනු ඇතැ”යි කී හ.


‘මේ මිනිසා දරුවන් නැති, තම ජීවිත කාලයේ දී කිසි සඵලයක් නොලැබූ මිනිසෙකැ’යි කියන්න. මන්ද, ඔහුගේ වංශයේ කිසිවෙකුට තවත් දාවිත්ගේ සිංහාසනයේ හිඳ ජුදා දේශයෙහි රජකම් කිරීමට නොලැබෙන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


නොබා ගොස් කෙනත් සහ එහි ගම් අල්ලාගෙන, තමාගේ නමින් ඊට නොබා යයි නම් කෙළේ ය.


“නුඹ කවරෙක් දැ යි සිතාගන්නෙහි ද? මෙහි නුඹට ගල් පර්වත බෑවුමක සොහොනක් කපා ගැනීමට ද නුඹට ම තැනක් සූදානම් කර ගැනීමට ද නුඹට ඇති අයිතිය කුමක් ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්