Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 17:22 - Sinhala New Revised Version 2018

22 එවිට දාවිත් ද ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද පිටත් ව ජොර්දාන් ගඟෙන් එගොඩ වූ හ. එළි වන විට ඔවුන්ගෙන් එක් කෙනෙක් වත් ජොර්දානෙන් එගොඩට නො‍ගොස් ඉතිරි ව සිටියේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 එවිට දාවිත් ද ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද පිටත් ව ජොර්දාන් ගඟෙන් එගොඩ වූ හ. එළි වන විට ඔවුන්ගෙන් එක් කෙනෙක් වත් ජොර්දානෙන් එගොඩට නො‍ගොස් ඉතිරි ව සිටියේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 එවිට දාවිත්ද ඔහු සමඟ සිටි මුළු සෙනඟද පිටත්ව යොර්දානෙන් එගොඩවූවෝය. එළිවෙනකොට ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් යොර්දානෙන් එගොඩ නොගොස් ඉතුරුව සිටියේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 17:22
8 හුවමාරු යොමු  

මෙසේ වූයේ: ‘ඔබ මට දුන් අයගෙන් එක් කෙනෙක් වත් නැති නොවී ය’යි උන් වහන්සේ කී වචන ඉෂ්ට වන පිණිස ය.


“සවන් දෙන්න: මම වෘකයන් මැදට බැටළුවන් යවන්නාක් මෙන් ඔබ යවමි. එහෙයින් සර්පයන් මෙන් නැණවත් ව පරෙවියන් මෙන් අහිංසක ව සිටින්න.


නුවණැතියා විපත දුර තියා දැක අයින් වෙයි; අනුවණයා එය ඉදිරියට ගොස් දුක් විඳියි.


දාවිත් රජ මහනයිම් නගරයට පැමිණියේ ය. අබ්සලොම් ද ඔහු සමඟ සිටි සියලු ඉශ්රායෙල් සෙනඟ ද ජොර්දාන් ගඟෙන් එගොඩට ගියෝ ය.


ඔහුට කතා කොට, “ඔබේ සේවකයන් වන අපි අපේ බල ඇණිවල යුද්ධ භටයන් ගණන් කෙළෙමු. එක් කෙනෙක් වත් අඩු නැත.


ඔවුන් ගිය පසු, ජොනතන් හා අහීමයාශ් ළිඳෙන් ගොඩට විත්, දාවිත් රජු වෙත ගොස්, එපවත් දන්වමින්, “ඔබට විරුද්ධ ව අහිතොපෙල් මෙසේ අවවාද කළ නිසා පිටත් වී ඉක්මනින් ඇළෙන් එගොඩ වුව මැනවැ”යි ඔහුට කී හ.


තමාගේ අවවාදය ලෙස නො‍කරන ලද බව අහිතොපෙල් දැක, තමාගේ කොටළුවා සූදානම් කොට, පිටත් ව සිය නගරයේ තිබුණ ඔහුගේ ගෙදරට ගොස්, පවුලේ කටයුතු ගැන විධි විධාන යොදා එල්ලී මැරුණේ ය. ඔහු තම පියාගේ සොහොන් ගෙයි තැන්පත් කරනු ලැබී ය.


මාගේ දෙවියෙනි, මාගේ හදවත දෙදරා යන්න ළඟ ය, එබැවින් මවු බිමෙන් ඈත, ජොර්දාන් ගංතෙර ද හෙර්මොන් කඳුකරයෙහි ද මිශාර් කන්දෙහි ද සිට මම ඔබ සිහි කරමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්