Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 15:7 - Sinhala New Revised Version 2018

7 තවද, සතර අවුරුද්දකට පසු අබ්සලොම්, රජුට කතා කොට, “මා සමිඳාණන් වහන්සේට වුණ බාරය හෙබ්‍රොන්හි දී ඉෂ්ට කරන පිණිස මට යන්නට අවසර දුන මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 තවද, සතර අවුරුද්දකට පසු අබ්සලොම්, රජුට කතා කොට, “මා සමිඳාණන් වහන්සේට වුණ බාරය හෙබ්‍රොන්හි දී ඉෂ්ට කරන පිණිස මට යන්නට අවසර දුන මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 තවද සතර අවුරුද්දකට පසු අබ්සලොම් රජුට කථාකොට: ස්වාමීන්වහන්සේට වුණාවූ මාගේ බාරය හෙබ්‍රොන්හිදී ඉෂ්ටකරන පිණිස යන්ට මට අවසර ලැබේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 15:7
10 හුවමාරු යොමු  

මෙසේ අබ්සලොම් ගෙෂූර්ට පලා ගොස් එහි තුන් අවුරුද්දක් සිටියේ ය.


හෙබ්‍රොන්හි දාවිත්ට පුත්‍රයෝ උපන්නාහ. ඔහුගේ කුලුඳුලා නම්, ජෙශ්‍රෙයෙලීය අහිනොවම්ගෙන් උපන් අම්නො‍න් ය;


දෙවැනියා කර්මෙලීය නාබල්ගේ බිරිඳ ව සිටි අබිගායිල්ගෙන් උපන් කිලෙයාබ් ය; තුන්වැනියා ගෙෂූර්හි රජ වූ තලමයිගේ දුව වන මයකාගේ පුත් අබ්සලොම් ය;


දුදනන් පුදන යාග පූජා සමිඳුන්ට පිළිකුලකි, වැරදි චේතනාවෙන් පුදන විට වැඩියෙනුත් පිළිකුලකි.


නුඹලා උපවාසයේ යෙදී සිටින අතර, විවාදයටත්, තරඟයටත්, දුෂ්ට පහර දීමටත් පෙළඹෙන්නහු ය. මෙලෙස මෙදින උපවාස කිරීමෙන් නුඹලාගේ යැදුම් සගයට නොනැඟේ.


“ඔබ ගොස් ඒ ළදරුවා ගැන හරි ලෙස විමසන්න; ඔබ විමසා සොයාගත් පසු, මාත් ගොස් උන් වහන්සේට නමස්කාර කරනු පිණිස මටත් දන්වන්න” කියා, ඔවුන් බෙත්ලෙහෙමට යැවී ය.


“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ මිනිසුන්ගේ ඇස් හමුයෙහි ස්වර්ග රාජ්‍යයේ දොරටු වසන්නහු ය; ඔබ ම ඇතුළු වන්නේ වත්, ඇතුළුවන්න සොයන අයට ඉඩ දෙන්නේ වත් නැත.


එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන ඒ තැනැත්තා ඔහුගේ සහෝදරයන් ඉදිරියෙහි අභිෂේක කෙළේ ය. එදින පටන් සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය දාවිත් කෙරෙහි පිහිටිණි. සාමුවෙල් නැඟිට ආපසු රාමා නගරයට ගියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්