Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 15:2 - Sinhala New Revised Version 2018

2 තවද, අබ්සලොම් අලුයම නැඟිට දොරටුවට යන මාර්ගය අයිනේ සිටිමින්, විනිශ්චය පිණිස නඩුවක් ඇති යම් මිනිසෙකු පැමිණි විට, ඔහුට අඬගසා, “ඔබ කුමන නගරයට අයිති දැ”යි ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “ඔබේ මෙහෙකරුවා අසවල් ඉශ්රායෙල් ගෝත්‍රයට අයිති ය”යි කී විට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 තවද, අබ්සලොම් අලුයම නැඟිට දොරටුවට යන මාර්ගය අයිනේ සිටිමින්, විනිශ්චය පිණිස නඩුවක් ඇති යම් මිනිසෙකු පැමිණි විට, ඔහුට අඬගසා, “ඔබ කුමන නගරයට අයිති දැ”යි ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “ඔබේ මෙහෙකරුවා අසවල් ඉශ්රායෙල් ගෝත්‍රයට අයිති ය”යි කී විට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 තවද අබ්සලොම් අලුයම නැගිට දොරටුවට යන මාර්ගයේ අයිනේ සිට, විනිශ්චය පිණිස රජු වෙතට පැමිණීමට නඩුවක් ඇති එකිනෙකාට අඬගසා: නුඹ මොන නුවරට අයිතිදැයි ඇසීය. ඔහුද: ඔබගේ මෙහෙකරුවා ඉශ්‍රායෙල් ගෝත්‍රයකට අයිතියයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 15:2
13 හුවමාරු යොමු  

පහන් වූ කල සියලු නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද ජේසුස් වහන්සේ මරණයට පත් කරන පිණිස උන් වහන්සේට විරුද්ධ ව මන්ත්‍රණය කළහ.


නපුරක් නොකළොත්, දුදනන්ට නින්දක් නැත; යමෙකු පාගා නොදැමුවොත්, ඔවුන්ට නින්දක් නැත.


මිනීමරුවා අලුයමින් නැඟිට දිළිඳුන් හා අසරණයන් මැරීමට යයි; රාත්‍රියේ දී සොරකමට යයි.


එවිට රජ නැඟිට දොරටුව ළඟ හිඳ ගත්තේ ය. “රජ දොරටුව ළඟ හිඳගෙන සිටින්නේ ය”යි මුළු සෙනඟට දන්වන ලද්දේ ය. මුළු සෙනඟ ද රජු ඉදිරියට පැමිණියෝ ය. ඉශ්රායෙල්වරු තම තමන්ගේ කූඩාරම්වලට පලා ගොස් සිටියෝ ය.


බෝවස් නුවර දොරටුව ළඟට ගොස් එහි හිඳගත්තේ ය. නොබෝ වේලාවකින්, ඔහු කලින් සඳහන් කළ එලිමෙලෙක්ගේ කිට්ටු නෑයා එතැනට පැමිණියේ ය. බෝවස් ඔහුගේ නම කියා අමතමින්, “මිත්‍රය, මෙහි අවුත් වාඩිවන්නැ”යි ඔහුට කී ය. ඔහු එහි ගොස් වාඩි විය.


ඔව්හු සියලු අවස්ථාවල දී සෙනඟ විනිශ්චය කළහ. දුෂ්කර ප්‍රශ්න ඔවුන් මෝසෙස් වෙත ගෙනා නමුත්, සෑම සුළු කරුණක් ම ඔව්හු ම විනිශ්චය කළහ.


ඔවුන් අතර ප්‍රශ්නයක් ඇති වූ විට ඔව්හු මා වෙත එති. මම ද ඔවුනොවුන් විනිශ්චය කොට දෙවියන් වහන්සේගේ ආඥා සහ අණපනත් ඔවුන්ට දන්වමි”යි කීවේ ය.


තවද, සෙනඟ සම්බන්ධයෙන් මෝසෙස් කරන්නට වූ සියල්ල දුටු මෝසෙස්ගේ මාමණ්ඩි ඔහුට කතා කරමින්, “ඔබ සෙනඟට මේ කරන්නේ කුමක් ද? ඔබ තනියම අසුන් ගෙන සිටින්නෙත්, මුළු සෙනඟ උදේ පටන් සවස දක්වා ඔබ ළඟ සිටින්නෙත් මන්දැ”යි විචාළේ ය.


එබැවින් හාමොර් සහ ඔහු පුත් ෂෙකෙම්, නුවර වාසල් දොරටුවට අවුත්, නුවර වැසියන් සමඟ කතා කරමින්,


“ඔබේ නගරය තුළ විවාදයට භාජනය වූ නොයෙක් විදියේ මිනීමැරීම් ද පැමිණිලි ද පහර දීම් ද පිළිබඳ ව තීරණයක් දීම ඉතා දුෂ්කර නම්, දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගත් ස්ථානයට ඔබ ගොස්


ඔව්හු කතා කොට, “ඔබ මේ සෙනඟට කරුණාවන්ත ව, ඔවුන් ප්‍රසන්න කොට, ප්‍රිය මනාප වචන ඔවුන්ට කතා කළොත්, ඔවුන් සෑම කල්හි ම ඔබේ මෙහෙකරුවන් වනු ඇතැ”යි ඔහුට කීවෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්