Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 14:3 - Sinhala New Revised Version 2018

3 රජු ළඟට ගොස්, මෙසේ කියන්නැ”යි කීවේ ය. ජෝවාබ්, ඈ විසින් කියනු ලැබිය යුතු දේ ඈට කියා දිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 රජු ළඟට ගොස්, මෙසේ කියන්නැ”යි කීවේ ය. ජෝවාබ්, ඈ විසින් කියනු ලැබිය යුතු දේ ඈට කියා දිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 රජු ළඟට ගොස් මේ මේ වචනවල හැටියට ඔහුට කියන්නැයි කියා ඒ වචන ඇගේ කටට දුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 14:3
9 හුවමාරු යොමු  

රජ ද, “මේ සියල්ල සම්බන්ධ ව ජෝවාබ් ඔබට අනුබල දී ඇද්දැ”යි ඇසී ය. ස්ත්‍රිය පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවෙනි, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් කී සියල්ල මඟ හැර දකුණට වත්, වමට වත් යන්නට කිසිවෙකුට නො‍හැකි බව ඔබේ නාමයෙන් මම දිවුරා කියමි. එසේ ය, ඔබේ සේවක වන ජෝවාබ් ම මට අණ කර ඔහු ම මේ සියලු වචන ඔබේ දාසීගේ කටට දුන්නේ ය.


තෙකෝවාවේ ස්ත්‍රිය රජු ළඟට ගොස්, මුණින්තළා වී වැඳ, “අනේ දේවයන් වහන්ස, පිහිට වුව මැනවැ”යි කීවා ය.


කාසිපියා යන ස්ථානයේ සිටි ප්‍රධානියා වූ ඉද්දෝ වෙත ඔවුන් යැවීමි. දෙවියන් වහන්සේගේ මාලිගාවට සේවකයන් අප වෙත සපයා දෙන ලෙස ඉද්දෝටත්, කාසිපියා යන ස්ථානයෙහි සිටි ඔහුගේ ඥාතීන් වන දේව මාලිගාවේ සේවකයන්ටත් කිය යුතු දේ මම ඔවුන්ට කීමි.


නුඹ ඔහුට කතා කොට ඔහු කුමක් කිව යුතු දැ යි කියා දෙන්න. මම නුඹට හා ඔහුට ද කතා කිරීමට උදව් වන්නෙමි. තවද, නුඹ කුමක් කළ යුතු දැ යි උගන්වන්නෙමි.


අහස විහිදුවා, පොළොවේ අත්තිවාරම් දැමුවේ මම ය. මම සියොන් අමතා, ‘නුඹලා මාගේ සෙනඟ ය; නුඹලාට මාගේ ඉගැන්වීම දිනිමි; මාගේ හස්තයෙන් නුඹලා ආරක්ෂා කරන්නෙමි’යි කීමි.”


නුඹලා සමඟ මම ගිවිසුමක් කරන්නෙමි. එය මෙසේ ය. නුඹලා කෙරෙහි පවරා ඇති මාගේ ආත්මානුභාවය ද නුඹලාගේ මුවෙහි තබන ලද මාගේ වචන ද නුඹලාගේ මුඛයෙන් වත්, නුඹලාගේ දරුවන්ගේ මුඛයෙන් වත්, ඔවුන්ගේ දරුවන්ගේ මුඛයෙන් වත් මෙතැන් සිට සදාකාලයට ම පහ නොවන්නේ ය.”


එවිට සමිඳාණන් වහන්සේ සිය අත දිගු කොට, මාගේ මුඛය ස්පර්ශ කරමින් මට මෙසේ වදාළ සේක: “මෙන්න, මාගේ පණිවුඩය නුඹේ මුඛයෙහි තැබීමි.


උන් වහන්සේ ඔහුට කතා කොට, “නුඹ බාලාක් වෙත ගොස්, ඔහුට මෙසේ සැළ කළ යුතු ය”යි දැන්වූ සේක.


නුඹේ සහෝදර ජනතාව අතරෙන් නුඹ හා සමාන දිවැසිවරයෙකු තෝරා පත් කොට, ඔහු කිය යුතු දේ ඔහුට කියා දෙන්නෙමි. ඔහුට මා අණ කරන සියල්ල, ඔවුන්ට ඔහු දන්වනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්