Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 1:19 - Sinhala New Revised Version 2018

19 “අහෝ, ඉශ්රායෙල් දේශය! ඔබේ තේජස ගිරිකුළු මුදුනෙහි අතුරුදන් වී ඇත. අහෝ! බලවතුන් වැටුණු හැටි!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 “අහෝ, ඉශ්රායෙල් දේශය! ඔබේ තේජස ගිරිකුළු මුදුනෙහි අතුරුදන් වී ඇත. අහෝ! බලවතුන් වැටුණු හැටි!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 එම්බා ඉශ්‍රායෙල්, නුඹේ අලංකාරය උස් තැන්හිදී නාස්තිවුණේය! අහෝ! බලවතුන් වැටුණු හැටි!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 1:19
11 හුවමාරු යොමු  

අහෝ, බලවතුන් වැටුණු හැටි! යුද්ධ ආයුධත් විනාශ වුණ හැටි!


අහෝ, බලවතුන් රණ බිම මැද දී වැටුණු හැටි! අහෝ ජොනතන්! ගිරිකුළු මුදුනෙහි ඔබ මැරුම් කෑවෙහි ය.


අපේ හිසින් මල්දම් වැටුණේ ය. අප පව් කළ බැවින් අනේ! අපට වන දුකක මහත!


එවිට මම සියලු ජාතීන් සමඟ කළ ගිවිසුම අවලංගු කරන පිණිස ‘ප්‍රසාදය’ නමැති සැරයටිය ගෙන කඩා දැමුවෙමි.


“ඒ නිසා බැටළුවන් මිලේට ගෙන විකුණන අය උදෙසා මම ඔවුන් තර කෙළෙමි. ඒ නිසා මම මරණයට නියම ව සිටි බැටළු රැළේ එඬේරා වීමි. මම සැරයටි දෙකක් රැගෙන, එකකට ‘ප්‍රසාදය’ කියා ද අනෙකට ‘සමගිය’ කියා ද නම් තබා බැටළු රැළ ආරක්ෂා කෙළෙමි.


සමිඳාණන් සිය උදහසින් සියොන් පුරඟන පිට අඳුර ගෙනා හැටි! එතුමාණෝ ඉශ්රායෙල්ගේ තේජෝමහිමය ස්වර්ගයෙන් පොළොවට හෙඵෑ සේක. තමන් උදහස් දවසේ දී සියොන් තමන් පාපුටුව බව සිහි නොකළ සේක.


සමිඳාණන් වහන්සේගේ අංකුරය අලංකාර ව හා සරුසාර ව වැඩෙන කාලයක් පැමිණෙන්නේ ය. ඉශ්රායෙල්හි ඉතිරි ව සිටින සෙනඟ භූමියෙන් හටගන්න අස්වැන්න ගැන ආඩම්බර වෙති. ප්‍රීති වෙති.


සාවුල් හා ජොනතන් ජීවත් ව සිටිය දී සෙනෙහසින් හා සතුටින් බැඳී සිටියහ. ජීවිතේ දී හෝ මරණයේ දී හෝ ඔවුහු වෙන් නො‍ වූ හ. ඔවුහු රාජාලීන්ට වඩා වේගවත් වූ හ; සිංහයන්ට වඩා බලවත් වූ හ.


පසු දා පිලිස්තිවරුන් මරන ලද අයගේ යුද්ධායුධ පැහැර ගැනීමට ආ කල සාවුල් ද ඔහුගේ පුත්‍රයන් තුන්දෙනා ද ගිල්බෝවා කන්දේ වැටී සිටිනු ඔවුන්ට සම්බ විය.


මාගේ සේවකයාණෝ වැඩෙන පැළෑටියක් සේ ද වියළි බිමෙන් මතු වන අංකුරයක් සේ ද සමිඳුන් අබියස වැඩුණෝ ය. එතුමන්ට රූපවත්කමක් හෝ පැහැපත්කමක් හෝ නැත; මන පිනවන ශෝභමානකමක් ද නැත;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්