Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 1:10 - Sinhala New Revised Version 2018

10 එවිට මම ඔහු ළඟ සිට ඔහු මැරුවෙමි. මා එසේ කෙළේ, ඔහු වැටුණු වහා ම ජීවත් නොවන බව සහතික ලෙස මා දැන සිටි බැවිනි. මම ඔහුගේ හිස මත තිබුණු කිරීටය ද අතේ දමා තිබුණු වළල්ල ද රැගෙන මෙහි මාගේ ස්වාමියා ළඟට ගෙනාවෙමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 එවිට මම ඔහු ළඟ සිට ඔහු මැරුවෙමි. මා එසේ කෙළේ, ඔහු වැටුණු වහා ම ජීවත් නොවන බව සහතික ලෙස මා දැන සිටි බැවිනි. මම ඔහුගේ හිස මත තිබුණු කිරීටය ද අතේ දමා තිබුණු වළල්ල ද රැගෙන මෙහි මාගේ ස්වාමියා ළඟට ගෙනාවෙමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 එවිට මම ඔහු ළඟ සිට ඔහු මැරුවෙමි, මක්නිසාද ඔහු වැටුණායින් පසු ජීවත්වෙන්නේ නැති බව සත්තක ලෙස මට දැනුණේය. මම ඔහුගේ හිසේ තිබුණු කිරීටයද අතේ දමා තිබුණු වළල්ලද රැගෙන මෙහි මාගේ ස්වාමියා ළඟට ගෙනායෙමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 1:10
10 හුවමාරු යොමු  

දාවිත් කතා කරමින්, “මේ ලේ වැගිරීමේ වරදට වගකිව යුත්තේ ඔබ ම ය. මන්ද, ‘මම සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා මැරුවෙමි’යි කීමෙන් ඔබ ඔබේ ම කටින් ඔබට විරුද්ධ ව සාක්ෂි දුන්නෙහි ය”යි කීවේ ය.


ඔහු මට කතා කොට, ‘මා ළඟ සිට මා මරන්න. මන්ද, මට තවමත් පණ තිබුණත් මම බොහෝ වේදනාවෙන් පසු වෙමි’යි කී ය.


ඔහු මිල්කොම් රජුගේ ඔටුන්න ඔහුගේ හිසෙන් ගත්තේ ය. එහි බර, රන් කිලෝග්‍රෑම් තිස්පහක් විය. එහි අනර්ඝ මැණික් ගලක් අල්ලා තිබිණි. එය දාවිත්ගේ හිසේ තබන ලද්දේ ය. ඔහු ඒ නුවරින් කොල්ලකෑ බොහෝ දේ ගෙනාවේ ය.


එවිට ඔහු රජුගේ පුත්‍රයා පිටතට ගෙනවුත්, ඔහුගේ හිස පිට ඔටුන්න තබා ව්‍යවස්ථාව ඔහුට දුන්නේ ය. ඔව්හු රජකමට ඔහු අභිෂේක කොට අත්පොළසන් දී, “රජතුමා සැරදේ වා”යි කීවෝ ය.


අපේ හිසින් මල්දම් වැටුණේ ය. අප පව් කළ බැවින් අනේ! අපට වන දුකක මහත!


ඔබ දෙන විනිශ්චයයෙන් ම ඔබත් විනිශ්චය කරනු ලබන්නෙහි ය. ඔබ මනින මිම්මෙන් ම ඔබටත් මැන දෙනු ලැබේ.


අදොනි-බෙශෙක් කතා කොට, “අත්පාවල මාපටැඟිලි කපාදමන ලද රජවරු සැත්තෑදෙනෙක් මාගේ මේසයෙන් වැටෙන කෑම ඇහිඳ ගත්තෝ ය; මා ඔවුන්ට කළ ලෙස දෙවියන් වහන්සේ මට ප්‍රතිවිපාක දුන් සේකැ”යි කීවේ ය. ඔව්හු ඔහු ජෙරුසලමට ගෙන ගියො‍‍් ය. ඔහු එහි දී මළේ ය.


අබිමෙලෙක් සිය ආයුධ රැගත් තරුණයා ඉක්මනින් කැඳවා, “ ‘ස්ත්‍රියක් ඔහු මැරුවා ය’යි මිනිසුන් මා ගැන නොකියන පිණිස ඔබේ කඩුව ඇද මා මරන්නැ”යි කී ය. තරුණයා ඔහුට ඇන්නේ ය. ඔහු මළේ ය.


එබැවින් රජ, “ඔබ ළං වී පූජකයන්ට පහර දෙන්නැ”යි දොවෙග්ට කීවේ ය. ඒදොමිය දොවෙග් ළං වී පූජකයන්ට පහර දී සිහින් හණ රෙදි ඒපොද් සැට්ට ඇඳ සිටි අසූපස්දෙනෙකු ඒ දවසේ දී මැරුවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්